බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රමුඛ පෙළේ චීන සමාගම් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ යෝජනා රාශියක් මන්දගාමී වී හෝ අසාර්ථක වී ඇත්තේ මෙරට සිටින නිසි බලධාරීන් එම යෝජනාවන්ට අදාල ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රමාද වීම නිසාවෙන් බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
එම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කරනු ලැබුවේ කොමිස් මුදලක් අපේක්ෂාවෙන්දැයි සැක සහිත බව තානාපති ආරංචි මාර්ග පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දුවක් දැක්වූ විවිධ අංශවල ප්‍රමුඛ පෙළේ චීන සමාගම් සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සාකච්ඡා පැවැත්වූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
ඒ අතර කොළඹ වරාය නගරයේ මුල්‍ය මධ්‍යස්ථානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ආයෝජනය කිරීමට කැප වූ චයිනා හාබර් සමාගමද සිටි බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.
හුනාන් ඉන්ෆස්ට්‍රක්චර් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පල කළ බවත් චයිනා රේල් සමාගම සහ එහි හවුල්කරුවන් කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක් සඳහා සාකච්ඡා කළ බවත් ආරංචි මාර්ග පවසා ඇත.
මෙම සමාගම් පමණක් නොව විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ සමාගම් රාශියක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සඳහා කැමැත්ත පළ කරමින් සාකච්ඡා කළ බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.
විශේෂයෙන් සයිනොෆාම් සමාගම කලාපයේ වෙළඳපොළට පිවිසීම සඳහා මෙරට ඖෂධ නිපදවීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සාකච්ඡා කළත් පසුව එම කර්මාන්තශාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිකිරීමට එම සමාගම තීරණය කළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
පසුගිය වසරේ තිබූ සංචාරක සීමා, කොවිඩ් වසංගතය සහ දේශපාලන ස්ථාවරත්වය මෙම ව්‍යාපෘති සාකච්ඡාවලට බාධා එල්ල කළ බවත් ඇතැම් සාකච්ඡා වර්තමානයේ නැවත ආරම්භ වී තිබෙන බවත් ඒ පිළිබඳ ශ්‍රී ලංකාව දැඩිව උනන්දු විය යුතු බවත් ආරංචි මාර්ග පෙන්වා දී තිබේ. (ඩේලිමිරර්)
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්න පුළුවන්. හුඟක් රජයේ නිලධාරීන් ඩොලර් වලට ඇමරිකාවටයි, ඉන්දියාවටයි විකිණිලා... ළමයි පිටරට නම් ඒක එහෙම්ම තමයි...
දේශපාලකයාගේ සිට සියලුම රජයේ ඉහළ පෙළේ හෝ සෙසුු නිළධාරීන් කොමිස් වලට වංචා හොරකම් වලට ඇබ්බැහි වෙලා තියෙන්නෙ .මේවා හදන්න ඉස්සෙල්ලාම පාලකය හොරෙක් නොවෙන්න ඕන. ඒක මේ කපේ වෙන්නෙ නෑ