
ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පවත්වනු ලැබූ නවතම සම්මාන ප්‍රදානෝත්සවයේ දී ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සම්බන්ධව හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ.
ඒෂියාමනි විසින් පවත්වනු ලැබූ සම්මාන ප්‍රදානෝත්සවයන්හි දී කොමර්ෂල් බැංකුව සම්මාන යුගලක් ජයග්‍රහණය කළ පිට පිටම තුන්වන අවස්ථාව මෙය වේ.
‘මෙම සම්මාන මගින් වර්තමාන තත්ත්වය තුළ අතිශයින් වැදගත් අංශ දෙකක බැංකුව විසින් දක්වා තිබෙන ඉහළම කාර්ය සාධනය ඇගයීමට ලක්කර තිබෙනවා,’ යනුවෙන් මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, සනත් මනතුංග මහතා ප්‍රකාශ කළේය. ‘සුළු හා මධ්‍යම පරිමාණ ක්ෂේත්‍රය ආර්ථිකයක කොඳු නාරටිය ලෙසින් දැක්විය හැකිය. මේ වනවිට අපගේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙම ක්ෂේත්‍රයට සහයෝගය ලබාදීම වෙනදාට වඩා මේ අවස්ථාවේ වැදගත් වෙනවා. වර්තමාන ආර්ථික අර්බුදයේ දී පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය සමග අපි අඛණ්ඩවම සබඳතාව ගොඩනගා ගන්නවා. බැංකුව විසින් දෙවැනි සම්මානය දිනාගත් පාරිසරික, සමාජ සහ පාලනය (ESG) යන ක්ෂේත්‍රය කොටස් කරුවන්ට, පාරිභෝගිකයන්ට මෙන්ම නියාමකයන්ට ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක්. මේ නිසා, උපාය මාර්ගික වශයෙන් වැදගත් ක්ෂේත්‍ර දෙකක් සඳහා ඒෂියාමනි වෙතින් මෙම සම්මාන දිනා ගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා.’ මනතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
595

2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොමර්ෂල් බැංකුවට ඒෂියාමනි සම්මාන යුගලක්