
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහර දී හිංසනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇත් ගොව්වා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි .
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර ගණනාවක් ඇතින්නගේ ඇත් ගොව්වා ලෙස සේවය කළ කිරිඳිවැල මැද්දේගම හිස්වැල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.
ලොරියකට ඇතින්න ලවා ලී කොටන් පටවන අවස්ථාවේදී සැකකාර ඇත් ගොව්වා එලෙස හිංසනය සිදු කරන අයුරු දැක්වෙන ජංගම දුරකථනයකින් ලබාගත් වීඩියෝවක් 2019 වසරේදී "කුංචනාදය" නැමති සමාජ මාධ්‍ය පිටුවේ සංසරණය වි තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු පොලිසියකට පැමිණිල්ලක් නොවීමෙන් පරීක්ෂණයක් නොවීය.
එම හිංසනය සම්බන්ධයෙන් රෙයාර් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පංචාලි පනාපිටිය මහත්මිය විසින් සැකකාර ඇත්ගොව්වා කුමාරි ඇතින්නියට එලෙස හිංසනය කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුලත් සි ඩි තැටියක් මීට දින කීපයකට ඉහතදී පොලිසිය වෙත ඉදිරිපත් කරමින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකාර ඇත්ගොව්වා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුමාරි ඇතින්නියට හිංසා කළැයි ඇත් ගොව්වා අත්අඩංගුවට