
(අංජුල මහික වීරරත්න)
කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහලින් ඉදිකරන ලද ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) ජනතා අයිතියට පත් කළේය.
මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු ගත මුදල රුපියල් 5,278,081,272.43කි.
රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නගරයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බවට නිරීක්ෂණය වී තිබිණි.
එම ප්‍රමාදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) විසින් සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාගෙට ඉදිකිරීම් සම්පුර්ණ කළ පාලමක් විවෘත කරලා අපිට ගොන් ආතල් දෙනවා...
මේවට ලොකු ප්‍රචාරණයක් ඕනේ වේවි ඡන්දෙට නම්.
ගුවන් පාලමක අර්ධ කොටසක් විවෘත කරන්න රටේ ජනාධිපති සහභාගීවෙන ලෝකේ එකම රට වෙන්න ඕනේ මේක
ගොන්නු ඉන්න රටකට ගොන් ආතල්...
මැතිවරණයට පෙර වැඩ පෙන්වීමට ඇති කලබලකාරී උවමනාව මෙයින් පෙන්වන පාඩමයි. නැත්නම් බාගෙට ඉදිකල ගුවන් පාලම කඩිමුඩියේ විවෘත කිරීමේ අර්ථය කුමක්ද ?
මේ ටයි කෝට් දාගෙන ඉන්න ලැජ්ජ නැද්ද මන්දා අනික මේ ගිනි මධ්‍යහන කලු සුද්දෝ කලුම කලු සුද්දෝ .
කොච්චර කිව්වත් අහන්නේ නැහැනේ... අත් දෙකෙන්ම කතුරයි, පටියයි අල්ලගෙනනේ... දැන් කලිසම වැටුණොත් මොකද වෙන්නේ? මොලේ කල්පනා කරන්නේ නැහැනේ?