
(අංජුල මහික වීරරත්න)
කොම්පඤ්ඤ වීදිය පොලිස් බල ප්‍රදේශයේ අඩු ආදායම් ලබන පවුල් 2500ක් සඳහා සහන සලසන "ප්‍රජා මුළුතැන්ගෙය" වැඩසටහන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඇරඹිණි.
ආහාර සපයා ගැනීමට අපහසුතා ඇති හුණුපිටිය, කොම්පඤ්ඤවීදිය, ගාලු මුවදොර, ඉබ්බන්වල සහ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම් වල ජනතාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ජනවාරි 01 දා සිට දින 40ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙහිදී ස්වයං රැකියා අවස්ථා නිර්මාණය, වෘත්තිය පුහුණුව ලබාදීම, සාමාජීය දියුණුව සැලසීම වැනි සුබසාධන වැඩසටහන් මගින් ජනතාවගේ ආර්ථික තත්වයන් ඉහල නංවාලීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති කාර්යාලය මූලික කරගනිමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ රජයේ ආයතන මෙන්ම, ජාත්‍යන්තර සිංහ සමාජය, රොටරි සමාජය සහ පෞද්ගලික ආයතන රැසක සහයෝගයෙන් ගංගාරාම විහාරස්ථ දායක කාරකාදීන්ගේ දායකත්වයෙන් මෙම ප්‍රජා මුළුතැන්ගෙය ක්‍රියාත්මක වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමියුනිටි කිචන් සංකල්පය සහ වැඩසටහන අගය කරමු !
වැඩේන්නම් ඉතා හොඳ දෙයක්. හැබැයි ඉතින් වීඩියෝ කරලා ප්‍රචාරයක් ලබාගන්න බලාපොරොත්තුවෙන් පමණක් ක්‍රියාත්මක කරලා නම් හරියන්නේ නැහැ. මේක මුළු රට පුරාම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩක්. නන්දිකඩාල් වීරයෝ ඔතන මොනවද කරන්නේ කියලනම් තේරෙන්නේ නැහැ. චන්දයක් ඉල්ලන්නන වත් බලාපොරොත්තු වෙනවා වත්ද ?
පව් ඉතින්. . අරගලයෙන් කොපි කරගෙන පොරවල් වෙන්න හඩනව.. චන්ද ටික බෙර ගන්න වෙන්න ඇති..
පුදුම හොරු ටිකක් කමියුනිටි කිචන් කියන නමයි ඔය සංකල්පයයි දෙකම අයිති වෙන කාටදෝ