සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
අරගල සමයේදී ඇතැම් රාජ්‍ය විරෝධීන් සහ ව්‍යවස්ථා විරෝධීන් තමා මාර්ගයෙන් නීති විරෝධී රජයක් පිහිටුවා රට ලිබියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් බවට පත් කිරීමට කුමන්ත්‍රණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
රාජ්‍ය අකර්මණ්‍යය කිරීමේ සැලැස්ම තමාගේ නොවෙනස් ස්ථාවරය හේතුවෙන් ව්‍යාර්ථ වී ගිය බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
තමා කතා නායක ධූරයට පත් කළ දින සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්ම වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ බව පවසන අබේවර්ධන මහතා තමාගේ දේශපාලන පක්ෂය මේ රටේ ජනතාව බවද ප්‍රකාශ කළේය.
රටක ගිනි තැබීම් මිනීමැරීම් හාරාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ විනාශ කිරීමට දායක වුණු කිසිවකු රට නැවත ගොඩනැගීමට කටයුතු කළ බවක් ලෝක ඉතිහාසයේ සඳහන්ව නැතැයිද ඔහු පැවසුවේය.
මට සහාය දුන් සෑ මටත් මා නිර්දේ ලෙස විවේචනය කළ සැමටත් මා සදා කල්හිම නියෝජනය කරන අහිංසක ජනතාවටත් කිසිදු වෙනසක් නොමැතිව තමාගේ කාමරයේ දොර කවදත් එක ලෙසින් විවෘතව පවතින බව ද ඔහු පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුමන්ත්‍රණයක් ගැන කතානායක කියයි
Surain Thursday, 21 March 2024 07:37 PM
ලොකුම කුමන්ත්‍රණ කාරයා ඔබතුමා නේද කියලා ජනතාව කියනවනේ..!
ධනංජය හේරත් Thursday, 21 March 2024 08:05 PM
කලින් මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයට සහ පසුව රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාට පක්ෂග්‍රාහීව කටයුතු කරන විදියෙන්, වගේම ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ පිස්සන් ලෙස හැසිරෙන විට ඔබතුමාගේ නිහඬ ප්‍රතිපත්තිය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කරන විට ඔබතුමා ඔවුන් සමඟ වාග් ප්‍රහාර ඇතිකරගන්නා විදියෙන් වගේම පාර්ලිමේන්තු සැසිවාරවල ඔබතුමා හැසිරෙන විදියෙන් හොඳටම තේරෙනවා, ඔබතුමා මොන විදියේ පුද්ගලයෙක්ද කියන එක. කථානායක කියන නම්බුකාර තනතුරේ නම්බුව පරෙස්සම් කරගෙන එක එකාට කඩේ යන්නෙ නැතිව ඔය ඉතිරි වෙලා තියෙන මාස පහේ හයේ ඉඳලා ගෙදරම යන්න. ඔබ වගේ පුද්ගලයන් රටට බරක්.
ප්‍රියන්ත Thursday, 21 March 2024 08:23 PM
හොරු වෙනුවෙන් හොරු...!
සෙනෙවිරත්න Friday, 22 March 2024 07:59 AM
ඉතින් තමුන්නැහැ සහ රනිල් අතර වෙනස මොකක්ද? රනිලුත් මන්ත්‍රී ,තමන් ඊට වඩා සුදුසුයි ඒ වෙලාවෙ කතානායක ස්වාධීන නිසා, මෙකෙන් පේන්නෙ රනිල් ඉස්සීමක් පමණයි , තමුන්ට ලැබුන නම් කොන්දෙ ප්‍රශ්නයක් නිසා අර කියන තත්ත්වයට රට පත්වෙන බවයි වැටහෙන්නෙ අපට නම්.
සෙනෙවිරත්න Friday, 22 March 2024 08:04 AM
ඉතින් එදා රට බාරගත්ත නම් රනිල්ගෙන් අහල හරියට කරන්න තිබුනනේ. මේ කතාවෙන්ම පේනව රනිල් හා සමාන බලතල තියෙන මෙයාට පාර්ලිමේන්තුව කොරන්න බැරි එකේ රටක් කරන්නෙ කොහොමද කියල.
MudiyanseFriday, 22 March 2024 10:18 AM
සෙනෙවි ලොක්කා... රටේ ව්‍යවස්ථාව ගැනවත්, විධායකය හා පාර්ලිමේන්තුව ගැනවත් තියන දැනුම දැක්කම තමුන්ට ගැලපෙනම තැන මාලිමාව බවයි මගේ හැඟීම..
සෙනෙවිරත්න Friday, 22 March 2024 08:06 AM
අපි දුටු පක්ෂග්‍රාහී කොන්දපන නැති කතානායක කියන පිලුන් වෙච්ච කතා කෝපි කඩේ පොලී මුදලාලි කියන කතා වලට වඩා වෙනසක් නැහැ.