(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (16) ප්‍රකාශ කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර කොළඹ අරලියගහ මන්දිරයේ ඉකුත්දා පැවැති සාකච්ඡාවෙන් පසු මෙම කමිටුව පත් කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් ඊයේ පස්වරුවේ පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපති සිහිනය බොහෝ දෙනෙක්ට තිබෙන නමුත් දිනන අපේක්ෂකයා කවුදැයි හඳුනා ගෙන ඔහුට සහයෝගය ලබාදිය යුතු බවයි.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු ලංකාදීපයට අදහස් දක්වමින් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කීවේ අපේක්ෂකයන් නම් කිරීම ප්‍රමාද කරන්නේ අගමැතිවරයා නොව ජනාධිපති සිහින ඇති ඇමතිවරුන් කීප දෙනෙකු බවයි.
ඇමතිවරුන්ගේ සිහින වලට වඩා මුල් තැන දිය යුත්තේ පාක්ෂිකයන්ගේ සිහිනවලට බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මේ ප්‍රශ්නය ඇදගෙන යනවා නම් එලෙස ප්‍රමාද කරන්නේ කවුදැයි රට හමුවේ හෙළි කරන බවද පැවසීය. සැබැවින්ම විනය පරීක්ෂණ තැබිය යුත්තේ පක්ෂට වින කටින පිරිසට බවද නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාදීපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටු වාර්තා ලැබුනා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ... !!!
කමිටු වාර්තා... තමුන් බබා උක්කුන්ද... නොහැකියාවෙන් පෙලෙනා තමුන් ඉවත්වී හැකියාවක් ඇති කෙනෙකුට දෙනවා...
කවුරු කොහොම කිව්වත් කිරිඇල්ලත් හොඳ පුද්ගලයෙක්.
අද මුළු රටම දන්නවා ඔය කමිටු ගැන.මොකද ඔය කමිටු දාලා මෙයා කල් මර මර ප්‍රශ්නය මගහරිනවා. දෙන්නම දැන් මහලු වයසේ. අද රටට ඕන මහල්ලන් නෙමෙයි. තරුණ ජවයක් තියෙන රටම ඉල්ලන දුප්පතාට සේවයක් කරන සජිත් පමණයි.
කව්රු නම් කරත් කමක් නැහැ සජිත් නම් එපා ...
ඔබතුමාම පත් කල කමිටුවක් නිසා මට නම් හිතාගන්න පුළුවන් යෝජනා වෙන්නේ කාගේ නමද කියල. සජිත්වත් ඔය කමිටුවට දැම්ම නම් තමයි හොඳ. ඔහු ඔබතුමාගේ නමත් යෝජනා කරයි නේද? එහෙමනේ හොඳ ළමයි.
කමිටු වාර්තාව ලැබුණු සැනින් තව කමිටුවක් පත් කරන්න වාර්තාව විමර්ශනය කරන්න. විමර්ශනය ඉවර උනාට පස්සේ තව කමිටුවක් පත් කරන්න විමර්ශන කමිටුව ගැන වාර්තාවක් ලබාගන්න. ඒ වාර්තාව ලැබුනට පස්සේ තව කමිටුවක් පත් කරන්න ඒ වාර්තාව විමර්ශනය කරන්න ......ඔය විදියට කරගෙන යන්න.
අනේ සිසිරගේ මොලේ. රට කෑවේ මේ රජය පමණක් නොවේ,