(ප්‍රසාද් රුක්මල් සහ ප්‍රසන්න පද්මසිරි)
පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් ආහාර ආසාද්මිකතාවකින් අද (14) පස්සර දිසා රෝහලට ඇතුළත් කළ බව නමුණුකුල පොලිසිය පවසයි .
පාසලෙන් ලබා දුන් බත් , කංකුන් මැල්ලුමක් , පරිප්පු , කරවල මිශ්‍ර අලබැදුමක් මෙම සිසුන් ආහාරය ට ගෙන ඇති බවත් , පසුව ක්ලාන්ත වී මෙම සිසුන් පිරිස පස්සර රෝහලට ඇතුළත් කරනු ලැබිනයි පොලිසිය කීය
මෙම සිසුන් අතර සිසුන් හයදෙනෙකු සහ සිසුවියන් තිදෙනකු සිට්න බවත් , ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහලේ ප්‍රකාශයකු සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම දෙනවා වගේම කොහොමද කෑම උයන්නේ කියන එක විදුහලේ ගුරුවරයෙක් සහ PHI ලා පරීක්ෂා කරන්න ඕනෑ. පිරිසිදු විදිහට උයනවද? ඒ වගේම කන්කුන් හැම කුණු කාණුවකම හැදෙනවා. කංකුන් එන්නේ කොහෙන්ද එන්නේ කියන එක ගැනත් හොයලා බලන්න ඕනෑ. මොකද කුණු කාණුවල හැදෙන කන්කුන් හරිම භයානකයි. බැරලෝහ අධිකයි.