
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඝාතනය කිරීමේ තැතක් ක්‍රියාත්මකවේ යැයි බියෙන් ඔහුට ලබාදී ඇති ආරක්ෂාව ඉහළ දමා ඇතැයි දකුණු කොරියානු ජාතික බුද්ධි සේවය එරට පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.
කිම් ජෝන් උන් ජීවිතයට තර්ජනයක් එල්ල වේ යැයි බියෙන් ඔහු වටා ඇති ආරක්ෂාව ඉහළ දමමින් සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කරන උපාංග මෙන්ම ඩ්‍රෝන නිරීක්ෂණය කිරීමේ උපකරණ ඔහුට ලබාදී ඇති බවත් එහිදී කොරියානු ජාතික බුද්ධි සේවය පැවැසුවේය. එසේම මෙම වසරේදී උතුරු කොරියානු නායකයාගේ මහජන ක්‍රියාකාරකම් සියයට 110 කින් වැඩිවී ඇතැයිද එම බුද්ධි සේවය ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු විගණන සැසියකදී දකුණු කොරියානු ජාතික බුද්ධි සේවය මෙම තොරතුරු පවසා ඇත.
ජූ ඒ ලෙස හඳුනන උතුරු කොරියානු නායකයාගේ දියණියගේ තත්වයද පක්ෂය තුළ ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කොරියානු ජාතික බුද්ධි සේවය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිම් ජොන් උන් ගේ ආරක්ෂාව වැඩි කරයි
sukitha Tuesday, 29 October 2024 04:41 PM
ඔවුන්ගේ ආරක්ෂාව කිව්වාට කාගේද කියලා නැහැනේ...!
බකල ජයාTuesday, 29 October 2024 09:34 PM
මටත් ඔය ප්‍රශ්නෙම ආවා. ඒත් මට හිතුණා කිම් ජොන් තමන්ගේ නැතුව, ඔවුන්ගේ ආරක්ෂාව තර කරන හරිම පරාර්ථකාමී කෙනෙක් කියලා...
Shelton Wednesday, 30 October 2024 05:34 AM
මැරෙන්න කලින් මරා දැමිය යුතු එකෙක්.උතුරු කොරියාවේ සිටින එකම පෘෂ්ඨිමත් කෙනා මෙයා විතරයි.අනිත් සේරම අය ඇට ගැහිච්ච මන්දපෝෂණයෙන් පෙලෙන අය.
Bunny Preena Wednesday, 30 October 2024 09:32 AM
බටහිර ජාතිකයන්ගේ කුමන්ත්‍රණයක් වත්ද ?