
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඝාතනය කිරීමේ තැතක් ක්‍රියාත්මකවේ යැයි බියෙන් ඔහුට ලබාදී ඇති ආරක්ෂාව ඉහළ දමා ඇතැයි දකුණු කොරියානු ජාතික බුද්ධි සේවය එරට පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.
කිම් ජෝන් උන් ජීවිතයට තර්ජනයක් එල්ල වේ යැයි බියෙන් ඔහු වටා ඇති ආරක්ෂාව ඉහළ දමමින් සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කරන උපාංග මෙන්ම ඩ්‍රෝන නිරීක්ෂණය කිරීමේ උපකරණ ඔහුට ලබාදී ඇති බවත් එහිදී කොරියානු ජාතික බුද්ධි සේවය පැවැසුවේය. එසේම මෙම වසරේදී උතුරු කොරියානු නායකයාගේ මහජන ක්‍රියාකාරකම් සියයට 110 කින් වැඩිවී ඇතැයිද එම බුද්ධි සේවය ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු විගණන සැසියකදී දකුණු කොරියානු ජාතික බුද්ධි සේවය මෙම තොරතුරු පවසා ඇත.
ජූ ඒ ලෙස හඳුනන උතුරු කොරියානු නායකයාගේ දියණියගේ තත්වයද පක්ෂය තුළ ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කොරියානු ජාතික බුද්ධි සේවය පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගේ ආරක්ෂාව කිව්වාට කාගේද කියලා නැහැනේ...!
මැරෙන්න කලින් මරා දැමිය යුතු එකෙක්.උතුරු කොරියාවේ සිටින එකම පෘෂ්ඨිමත් කෙනා මෙයා විතරයි.අනිත් සේරම අය ඇට ගැහිච්ච මන්දපෝෂණයෙන් පෙලෙන අය.
බටහිර ජාතිකයන්ගේ කුමන්ත්‍රණයක් වත්ද ?