IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’

(විමුක්ති එස් රුද්‍රිගු)

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ස්ථිරව ඉවත් කළ නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රතිකාර ගැනීමට විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා ඇති විදේශ ගමන් තහනම ස්ථිර වශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් නීතිඥ තිළිණ වීරසිංහ මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව පැවැසුවේය.

සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නේ නම් කෙටි කාලීනව අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ හැකි බව මෝසම විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සහ 2014 වසර කාලයේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට විරුද්ධව තීනියාවල පාලිත හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබිණ.

ගිවිසුම්ගත ඩෙලවෙයාර් ලිමිටඩ් ලයබිලිටි සමාගමට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් මූල්‍ය මණ්ඩලයේ අවසරය පමණක් ගෙන තෙවැනි පාර්ශ්වයකට ගෙවීම සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එහිදී චෝදනා එල්ල විය.



අදහස් (5)

’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’

Rohana Wednesday, 08 May 2024 02:56 PM

රටේ විදේශ විනිමය අර්බුදයක් ඇතිකිරීමටත්, මුදල් අච්චුගසා රට බංකොලොත් කිරීමටත් කබ්රාල් වගකියන්න ඕනෑ...

:       3       56

Nimal Wednesday, 08 May 2024 03:32 PM

මොවුන්ට රටේ සල්ලි කාබාසිනියා කරන්න දෙන්නයි, රට සවාරි ගහන්නයි දෙකම දෙන්න බැහැ.

:       2       39

Prabha Wednesday, 08 May 2024 05:41 PM

පිටරට ගිහින් ප්‍රතිකාර ගන්න තරම් වත්කම් ලැබුණේ මොන ව්‍යාපාරය කරලාද?

:       0       18

Lalla Thursday, 09 May 2024 09:49 AM

සල්ලි අච්චු ගැහැව්වට උද්ධමනය වැඩි වෙන්නේ නෑ කියපු ආර්ථික විද්‍යාඥයා. විදෙස්‌ගත වෙන්නේ නව න්‍යාය ගැන දේශන වලටද දන්නේ නෑ .

:       0       5

fairoos Wednesday, 08 May 2024 05:42 PM

එතකොට රටින් පැනගත්තු අර්ජුන් මහේන්ද්‍රන්ව තාම අල්ලගන්න බැරිවුණා නේද?

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site