IMG-LOGO

කබ්රාල්ට එරෙහි නඩුව නොවැම්බර්වලට කල් යයි

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුවේ සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ලබන මස නොවැම්බර් මාස (11) වැනිදා තෙක් එම නඩුව කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (23) නියෝග කළේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටිමින් අද (23) අධිකරණයේ පෙනී සිටියේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව මූලික විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බැවය.

මෙම සිද්ධියට අදාළව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනේ නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන් ය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීමේ අරමුණ ට මුවා වී එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ව කරමින් 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඇමරිකානු සී අයි ඒ ඔත්තු සේවයේ නියුතුව සිටි අහම්ඩ් ස්බ්‍රිරි යන අයට ගෙවා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත .



අදහස් (0)

කබ්රාල්ට එරෙහි නඩුව නොවැම්බර්වලට කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site