
(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතිසි මත අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (07) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව නව පැමිණිල්ලක් ගොනු කිරීමට ද අධිකරණය පැමිණිල්ලට නියම කළේය.
නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන්ගේ. පෞද්ගලික පැමිණිල්ලකට අනුව හිටපු මහ බැංකු අධිපතිවරයාට අධිකරණය මගින් මෙසේ නොතීසි නිකුත් කෙරුණේ ඉකුත් 25 වැනිදාය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීමේ අරමුණ ට මුවා වී එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ව කරමින් 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඇමරිකානු සී අයි ඒ ඔත්තු සේවයේ නියුතුව සිටි අහම්ඩ් ස්බ්‍රිරි යන අයට ගෙවා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත .
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය දේපල අවභාවිතය බරපතල වැරැද්දක් නොවෙයිද? දන්නෙ නැති හින්දයි අහන්නෙ.
නිකන් කාලය නාස්ති කරන්නේ නැතුව නිදහස් කරලා දැම්මානම් ඉවරයි
මේ වගේ කාලකන්නි කරපු වැඩ නිසා නේද අද ඒ රටේ දෙකෝටියකට වැඩි ජනගහනයක් දුක් විඳින්නේ
රටම ආර්තික අර්බූදයකට පත් කරලා නැති කරපු කෙනෙක්. හරිනම් හිරේ දාන්ඩයි තියෙන්නේ ?
එතකොට තිනියාවල පාලිත, ඔයාගෙ හුරතල් රනිල්, රවි, අර්ජුන්ලා සැට් එක වගේ මහ බැංකු හොරුන්ට නඩු දාන්නෙ නැතෙයි?
මෙයා මෙච්චරකල් හිරේද හිටියේ ඇප ලබන්න?