(ඉන්දිකා රාමනායක)

පලෙයි ඒ 9 මාර්ගයේ දී හිතාමති පුද්ගලයකු කැබ් රථයකින් යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පලෙයි ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මුහමලේ ප්‍රදේශයේ පදිංචි යූ තිරුබරාජ් (28) නමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි.

පෙර පුද්ගලික ආරවුලක් මුල්කරගෙන මොහු තවත් පුද්ගලයන් දෙදෙනකු සමග  ඉහත ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ඔහු සමග බිහින් බස් වී ඔහුට කඩුවකින් පහර දී තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.

ව්‍යාපාරිකයා සිද්ධිය පලෙයි පොලිසියට පැමිණලි කිරීම සදහා රාත්‍රියේ ම ඔහුගේ කැබ් රථයෙන් පොලිසිය වෙත ගමන් කරමින් සිටියදි ඒ 9 මාර්ගයේ ඉන්ද්‍රාපුරම් ප්‍රදේශයේ දී ඉහත සැකකරුවන් තිදෙනා මාර්ගයේ ගමන් කරනු දැක සැකකාර ව්‍යාපාරිකයා ඔවුන් තිදෙනා කැබ් රථයෙන් යටකර නොනවත්වාම කැබ් රථය පලෙයි පොලිසිය වෙත පැමිණ බාර වී ඇති බවද පොලිසිය සදහන් කරයි.

සිද්ධිය සැලවීමත් සමග පොලිසිය තුවාල ලබා සිටි පුද්ගලයා පලෙයි රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව එම පුද්ගලයා මියගොස් ඇත.