IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කැබ්රියට යටකර මරන්න හදලා

(ඉන්දිකා රාමනායක)

පලෙයි ඒ 9 මාර්ගයේ දී හිතාමති පුද්ගලයකු කැබ් රථයකින් යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පලෙයි ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මුහමලේ ප්‍රදේශයේ පදිංචි යූ තිරුබරාජ් (28) නමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි.

පෙර පුද්ගලික ආරවුලක් මුල්කරගෙන මොහු තවත් පුද්ගලයන් දෙදෙනකු සමග  ඉහත ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ඔහු සමග බිහින් බස් වී ඔහුට කඩුවකින් පහර දී තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.

ව්‍යාපාරිකයා සිද්ධිය පලෙයි පොලිසියට පැමිණලි කිරීම සදහා රාත්‍රියේ ම ඔහුගේ කැබ් රථයෙන් පොලිසිය වෙත ගමන් කරමින් සිටියදි ඒ 9 මාර්ගයේ ඉන්ද්‍රාපුරම් ප්‍රදේශයේ දී ඉහත සැකකරුවන් තිදෙනා මාර්ගයේ ගමන් කරනු දැක සැකකාර ව්‍යාපාරිකයා ඔවුන් තිදෙනා කැබ් රථයෙන් යටකර නොනවත්වාම කැබ් රථය පලෙයි පොලිසිය වෙත පැමිණ බාර වී ඇති බවද පොලිසිය සදහන් කරයි.

සිද්ධිය සැලවීමත් සමග පොලිසිය තුවාල ලබා සිටි පුද්ගලයා පලෙයි රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව එම පුද්ගලයා මියගොස් ඇත.

 

 



අදහස් (0)

කැබ්රියට යටකර මරන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 215 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 728 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1147 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site