(සුජිත් හේවාජුලිගේ)
කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බවද දැනගන්නට ඇත.
මෙම සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකටද අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බව පවසන එම ආරංචි මාර්ග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අමාත්‍ය ධුර සඳහා මන්ත්‍රී ලැයිස්තුවක් කලකට පෙර සිට ඉදිරිපත් කර තිබුණත් ඔවුනට ඇමැති ධූර පිරිනැමීමක් මෙතෙක් සිදු නොවූ බව සඳහන් කරයි.
වෙන් වෙන්ව පිහිටා ඇති සමහර ආයතන එක වහලක් යට ගැනීමද මෙම වැඩපිළිවෙළේ අරමුණක් බව ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබුණු පසු ජනතාවට යම් සහනයක් ලබා දෙන අතරේ කැබිනට් මණ්ඩලයේ යම් සංශෝධනයක් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම වැඩක් නැති වැඩක්... ඔය කැබිනට්ටුවේ ඔය ඔළුගෙඩි ටික වසර ගණනාවක් මාරු වී රටට වුණ සෙතේ මොකක්ද?
ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ... සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ...!
නටපල්ලා තව මාස කීපයයි.., ඔබලා ඔක්කෝම ගෙදර...!
ඇමැතිකම් දෙන්න නෙවෙයි තියෙන්නේ. ඔවුන් ඔක්කෝම දේශපාලනෙන් හොරාකාලා රටම බන්කොලොත් කරන්න කටයුතු කරපු දූෂිත දේශපාලුවෝ?
ඕක ඇතුලේ මොන ගෙඩිය මාරු කළත් වැඩක් නැහැ. ඡන්දෙ ඉක්මණින් තියපල්ලකෝ...!
රට හදන්න සැබෑම වුවමනාවක් තියෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ඇමැති තනතුරු ගන්න සෑම කෙනෙක්ම තනතුර අහෝසි වෙලා හෝ තනතුරෙන් පහකළ වෙලාවට අනුප්‍රාප්තිකයා වෙතට සියලු රාජකාරි හා ලියැවිලි විධිමත්ව භාර දීමටත් අලුතින් පැම්ණෙන කෙනෙක් ඒවා සියලු දේවල් විධිමත් ආකාරයට බාරගැනීමත් අනිවාර්ය කරන්න ඕන යමෙක් එහෙම නොදී ගියොත් ඔහුගේ වැටුපෙන් නැත්නම් විශ්‍රාම වැටුපෙන් එම අලාභය අයකළ යුතුයි... ජනතාවට එම තොරතුරු දැනගැනීමේ අයිතිය තිබිය යුතු අතර අඩුපාඩු තිබේ නම් මානව හිමිකම් උල්ලංඝනය යටතේ අධිකරණයට යාමට අවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි... වර්තමානයේ රටේ පවතින තත්වය මත එහෙම නොකර රට හදන්න බැහැ. අපි බලමු ඉදිරියේ තියෙන ජනාධිපතිවරණය සඳහා එහෙම ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ කවුද කියලා...
හොරුන්ගේ ඔලුගෙඩි මාරුවක්, මොකටද?, ඡන්දෙ දිනන්න! හම්බවෙයි, බලන් ඉන්න...
ඔය කැබිනට් එකද මොකක්ද මල ඉලව්වේ ඉන්න ඌරන්ගේ ඔලු ගෙඩි තිබුනාට, ඒ ඔලු ඇතුලේ මොලය නැති නිසා රටට වැඩක් නැහැ. කැබිනට් එකේ ඉන්න අය ඔක්කෝමගේ ඔලු ගෙඩි ඇතුලේ තියෙන්නේ අසුචි !!! ඔලු ගෙඩි මාරු කළාට වැඩක් නැතිබව වැටහෙන්න මහා නාකි ඌරන්ට ඔලුව ඇතුලේ මොලයක් තියෙන්න එපැයි....!
ඔලුගෙඩි මාරුවක් කිව්වම කියන්න තියෙන්නෙ එක්කො ගොම ගොඩක් වෙනුවට
ඇයි ඔළුගෙඩි විතරක් වෙනස් වෙන්නේ? 225 දෙනාම නැවත සොහොන් බිමට යවන්න. ඔවුන්ට සමාදානයෙන් ඉන්න ඉඩ දෙන්න...!
ඕක නම් කරන්නේ, දැන් ඡන්දෙ ළඟ එනවානේ... පොහොට්ටුවේ දිස්ත්‍රික්ක ඡන්ඩින්ට දෙන්න යන්නේ... මැතිවරණ දූෂණ කරන්න. එතකොට එයාලාට පුළුවන් රජයේ දේපළම අවභාවිතා කරගෙනම ඡන්දෙ කරන්න. රනිල් හැරෙනකොටම කියන්න පුළුවන්.
පිනාගේ ඉඳලා ඔකේ ඉන්න මොන හිස් ඔලුගෙඩිය මාරු කලත් රටට වෙන සෙතක් නෑ