
(කාංචන කුමාර ආරියදාස)
විදේශ රටවලින් මෙරටට අවශ්‍යය කහ ගෙන්වීම නතර කිරීමත් සමඟ තම ගෙවත්තේ කහ වගා කොට එයින් ලැබෙන අස්වැන්න කුඩු කර වෙළඳපලට ලබාදීම සහ තවත් පිරිසකට කහ වගා කිරීම සඳහා කහ බීජ සහ පැළ අලෙවි කිරීම තුලින් ජීවිතය ජය ගැනීමට දඹුල්ල කන්ඩලම කුඹුක්කඳන්වල උපාධිධාරිණියක සමත් වූවාය.
ඇය නමින් සුනේත්‍රා ශාමලී කුමාරි නම් වෙයි .දෙදරු මවක් වන ඇය උපාධිධාරිණියකි. ඊට අමතරව දේශීය පාරම්පරික වෛද්‍යවරියකි ,තුරුණු වියේ පසුවන ඇය උපාධිය අතේ තබාගෙන රට වටේ රැකියා ඉල්ලා ගම්න් කිරීම් වෙනුවට නිවසේ සිට රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට මෙන්ම දේශීය ආයුර්වේදයට මුල්තැන දෙමින් තම ජීවිකාව ඇරඹූ බව සඳහන් කළාය.
කොරෝනා වසංගතය රට වෙලා ගනිද්දී නිවසට වී සිටි ඇය තම සැමියා විසින් ගෙන්විත් දුන් කහ කැබලි කීපයකින් කාබනික කහ වගාවට හුරු වූ බව ඇය පැවසුවාය.
මේ වන විට ඇයගේ වගාබිම තුළ ඇයටද වඩා උස කහ ගස් දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි ,කාබනික පොහොර පමණක් යොදා ගෙන කහ වගාව ඇය සිදුකරන බවත් කිසිදු රසායනික පොහොර හෝ වෙනත් ද්‍රව්‍ය යෙදීම කින් තොරව මෙම කහ වගාව තමන් සිදුකරගෙන යන බව ඇය ආඩම්බරෙන් යුතුව අප සමග පැවසුවාය.
එමෙන්ම දේශීය පාරම්පරික ආයුර්වේද වෙදකම් කරන ඇය මෙම කහ වගාව සඳහා අවශ්‍ය දේශීය ශාකසාර යොදා ගෙන දියර පොහොරක්ද නිෂ්පාදනය කරගත් බව එය පෙන්වමින් ඇය පැවසුවාය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම දෙයක්ම රජයකින් බලාපොරොත්තු වෙමින් පාරවල් දිගේ රස්තියාදු වෙමින් රැකියා ඉල්ලන උපාධිදාරින්ට මෙම පුවත කියවීමට හැකි වේවා... එලෙසම හැම රෙද්දක්ම අපට දියව් කියමින් උද්ඝෝෂණ කරන දියව් දියව් කුමාර ප්රමුඛ අන්තරේ ඉන්න අන්දරේලාටද මෙම පුවත කියවීමට හැකි වේවා...!!!
කහ වගාව සඳහා කිසිසේත්ම කාබනික හෝ රසායනික පොහොර යෙදීම අවශ්‍ය නැත. එපමණක් නොව මෙවන් බෝග සඳහා කෘමි උවදුරු නැත. කහඅල කැබැල්ලක් ඕනම තැනක යට කළහොත් ජලය පමණක් සපයා අස්වැන්න ලබාගත හැක. කාබනික කතාව කෙසේ වෙතත් ඇගේ උත්සාහය අගය කළ යුතුයි.
ඔබතුමියගේ උත්සාහවන්ත ජයග්‍රහණයට මගේ සුබපැතුම්... පිළිගන්න.. පවුලේ සැම නිදුක් වේවා..! නිරෝගි වේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි...!!!
සුබ පැතුම් !....
ඕකනේ කියන්නේ... දැන් ප්‍රශ්නේ විසඳුනානේ... ඔය කියන විදිහට කාබනික දාලා කරලා බලන්නකෝ... උගස් තිබ්බ කණකර බඩු ටික දැන් සර් බේරලා දෙයි..
හැමෝටම ආදර්ශයක් සහ රටට ආඩම්බරයක්...
රජයේ රැකියා හිඟාකන මන්ද බුද්ධික උපාධිධාරීන්ට හොඳ ආදර්ශයක්...
ස්තුතියි ලංකාදීප.. මෙවැනි වටිනා ප්‍රවෘත්තියක් පළකළාට. වසවිෂම ඉල්ල ඉල්ලා, ඒකත් රජයෙන්ම ගන්න දඟළන ගොවියා නමින් පෙනී සිටින දේශපාලක අතකොළුවවලට හෙවත් කෲර ව්‍යාපාරිකයන්ට මේ පණිවිඩය ඇස ගැසේවායි ප්‍රාර්ථනා කරමි...
මේවා පෙන්නන්න ඕනේ රස්සා ඉල්ලගෙන පාරේ හිඟා කන, රටට බරක් වුණු, උපාධිධාරි කියලා ඔලුව උදුම්මාගෙන ඉන්න වැඩ බැරි ජෙප්පන්ට සහ එයාලගේ සහචරයින්ට.
උපාධිධාරියන් හිතන් ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් උපාධිය ගත්තාම රස්සාවත් රජයෙන්ම දෙන්න ඕනේ... කියලයි. රස්සාවත් දුන්නාම ඒ ගමන්ම පඩිය ඩබල් කරලා දෙන්නත් ඕනේ රජයෙන් කියලා... එහෙම නොකළාම අකුරට වැඩ... මේ වගේ අයට හොඳටම උත්තර දුන්නේ ප්‍රේමදාස ජනපතිතුමා. ඒකෙන් පාඩම් ඉගෙන ගත්තා පරම්පරාවක්ම. හැබැයි මේ ආණ්ඩුවට පණ නෑ. රටේ මහජනයාට පීඩනයක් නොවෙන්න රාජ්‍ය සේවය හසුරුවා ගන්න. රජයයි, රාජ්‍ය සේවකයෝයි හැමෝම පීඩනය දෙන්නේ මහජනයාට... අායේ රාජපක්ෂ රජයකට ලංකාවේ ආණ්ඩු දෙන්නේ නෑ...
මුළු රටේම මාධ්‍ය එකතු වෙලා ගොවි ජනතාව නොමග යවන කාලෙක ඇත්තට තැනක් දුන්නු ලංකාදීප පුවත්පතට ස්තූතියි...!