IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්ති ඉදිරියටත්

 

(අංජුල මහික වීරරත්න)

කාබනික  කෘෂිකර්ම ප්‍රතිපත්තිය  රජය ඉදිරියටත් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 ලබන මහ කන්නයේ වගා කරන කුඹුරු වලින් සියයට 30ක් කාබනික වගාවට නිර්දේශ කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.ඒ සඳහා වන නිර්දේශ දැනටමත් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 ප්‍රමිතියෙන් යුතු කාබනික  පොහොර ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නා අතර ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිදු කාබනික පොහොර වර්ගයක් සඳහා අනුමැතිය  නොදීමට  තීරණය කළ බව කී අමාත්‍යවරයා  කාබනික වගාව රටට අත්‍යවශ්‍ය දෙයක් බවද ගොවීන් විශාල පිරිසක් කාබනික වගාවෙහි නිරත වන්නේ යැයි ද පැවසීය.

 ලබන මහ කන්නයේ දී කාබනික වගාවෙහි යෙදෙන ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර මුදලක් ලබා දීමටත් පියවර ගන්නා අතර අවශ්‍ය කාබනික පොහොර තෝරා ගැනීමේ අයිතිය  ගොවීන්ට ම ලබා දෙන බවත්  ගොවීන් මිල දී ගත යුතු කාබනික පොහොර රජය බලහත්කාරයෙන් තීරණය කරන්නේ නැති බවත් අමාත්‍යවරයා කීය.  



අදහස් (4)

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්ති ඉදිරියටත්

පුරවැසියා... Sunday, 07 August 2022 12:45 PM

ඇමතිතුමා, කලින් වගේ කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ නැති පණ්ඩිතයින්ගෙන් උපදෙස් නොගෙන කෘෂිකර්මාන්තය පිළිබඳ සහල් දැනුමක් ඇති උපදේශකයින්ගෙන් මේ සදහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම උචිත වනු ඇත

:       1       6

fairoosSunday, 07 August 2022 03:40 PM

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අහමුද?

:       3       2

BamunuarachchiSunday, 07 August 2022 06:16 PM

මොනවද අහන්නේ මස්කඩයක් අරින්න දේවල් කියලද?

:       2       3

saman Sunday, 07 August 2022 07:38 PM

හැකි උපරිමයෙන් කාබනික වගාවට අප යා යුතුය. විශාල වශයෙන් විදේශ විනිමය ඉතිරි කරගෙන. රසායනික පොහොර සහ කෘමිනාශක අත්‍යවශ්‍ය ප්‍රමාණය මේ රටදී නිෂ්පාදනය කළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 404 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site