
(මනෝප්රිය ගුණසේකර)
සැකකටයුතු ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ‘ඇපල්’ වර්ගයේ ජංගම දුරකථනයේ අන්තර්ගත දත්ත ලබා දීමට නියම කරමින් නිකුත් කළ අධිකරණ නියෝගය ඊමේල් මගින් ඇපල් සමාගමට දැනුම් දුන් බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද (09) දැනුම් දුන්නේය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවු බව කියන වංචා සිද්ධියේ සැකකරුවකු බව කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කැඳවු අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ශාන්තලාල් මහතා ඒ බව දැනුම් දුන්නේය.
කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ කාමරයකදී ගෙල වැලළාගෙන සැකකටයුතු අන්දමින් මියගොස් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවනු ලැබීය.
පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ශාන්තලාල් මහතා සිද්ධියට අදාළව කළ විමර්ශන කටයුතු වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd