(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අපලයක් දුරු කිරීමට ශාන්ති කර්මයක් කර ගැනීමට දොම්පේ දේවාලයකට රැගෙන ගිය අවුරුදු 12ක් වයසැති දැරියක් එම දේවාලය තුළ දී බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එම දේවාලයේ කපුවා දොම්පේ පොලිසිය විසින් පෙරේදා 14 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තිස්හත් හැවිරිදි අයෙකි.
දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල්ගත කරනු ලැබුවාය.
කපුවා ගෙන් සිදු වූ බව කියන අතවරය ගැන දැරිය පියාට ඒ අවස්ථාවෙම පවසා ඇතත් ඔහු ඒ ගැන නොසලකා හැර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
මේ බව හෙළි වීමෙන් පසු දැරියගේ පියා ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර පියා දියණියට ඇති බව කියන අපලය දුරුකර ඇයට ශාන්තිකර්මයක් කර ගැනීමට සහ නිවසට දේව ආරක්ෂාව ලබා ගැනීමට දියණිය ද කැටිව දොම්පේ පොලිස් වසමේ පිහිටි දේවාලයකට රැගෙන ගොස් ඇත.
බාලවයස්කාර මෙම දැරියට ඇතැයි කියන අපලය දුරු කරන්න බව කියා ඇය පමණක් දේවාලය ඇතුලට කපුවා විසින් කැඳවා ගෙන ඇතැයිපොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුවන්ට නෙවෙයි මෙවන් ගොබ්බ දෙමාපියන්ට එස්සේලම දඩුවම් දෙන්න ඕන.
මේ වගේ රට හරක් තාමත් මේ රටේ ඉන්නවානම් රට හදන එක බොරුවක්.
21 සියවසේ තෙවන දශකයේ අපි තාම ශාන්තිකර්ම විශ්වාස කරන තක්කඩි කපුවෝ දොඩවන දේ විශ්වාස කරන්න තරම් අඥාන අමනෝඥ ජාතියක්. ඉතින් තක්කඩි සොරමුලක් පිරුණ දේශපාලනකයන් පවුලකට රැවටීම පුදුම නෑ නේද? දැන්වත් අවිද්‍යාව දුරුකර විද්‍යාත්මක පදනමක් මත බුද්ධිය වර්ධනය කිරීම අනාගත පරපුරට උගන්වන එක බලකරන්න ඕන පාසල් පද්ධතිය ආශ්‍රිතවවත්. ඒක අමාරුවෙන්න පුලුවන් බොහොමයක් ගුරුවරුත් ඕව විශ්වාස කරන නිසා....ඒත් බලකර හෝ කල යුතුයි...