
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවට එරෙහිව තැන තැන සුන්බුන් කොටස් එකතු වෙමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්මහ විරු සමරුව අමතමින් අද පැවසීය.
දොන් ජුවන් ධර්මපාලලා සහ කැප්පෙටිපොළලා එකට එකතු වී සිටින බවද ජනාධිපතිවරයා කීය.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු අරගලයේදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරීම සඳහා වන ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් සහ සාමාජිකයන් විසින් මල් කළඹ තබා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු විරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීම සහ විරු පිළිරුව අසල පහන් දල්වා ආචාර පැවැත්වීමද මෙහිදී සිදුු කෙරිණි.
විරුවන් වෙනුවෙන් විමුක්ති ගී ගායනයක්ද පැවැත්විණි.
"පාදම දිරපු රටක් අප ශක්තිමත් අත්තිවාරමක් මත යළි ගොඩ නඟා තිබෙනවා.අප ආයෝජකයන්ට කර්මාන්තකරුවන්ට ඒ පාදමේ ආයෝජනය කරන ලෙස ආරාධනා කරනවා.
ඒ වගේම දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් යැයි කියා ගත් අය එකට එකතු වී සිටිනවා.මේ දේශපාලන විපර්යාසය මොකක්ද? මේ සහවාසයට හේතුව කුමක්ද? මොවුන් එකට හොරකමේ ගිය අය. එකට අපරාධ කරපු අය. ජනතා උවමනා සහ ආණ්ඩුවේ උවමනා සමපාත වූ ආණ්ඩුවක් දැන් හැදිලා තියෙනවා.දැන් බේදකින් තොරව දොන් ජුවන්ලගේ වගේම කැප්පෙටිපොළලාගේ උදවිය හිරේ ඉන්නවා.භේදයකින් තොරව හැම නඩුවකදීම ඔක්කොටම එක වගේ ලෙඩ හැදෙනවා.
ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න සඳහා ඔවුන් එකතු වෙලා තියෙනවා. මේවා ජනතාවගේ ප්‍රශ්න නොවේ යැයි ජනාධිපතිවරයා පැවසීය.
(සුමුදු හේවාපතිරණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි හැඩ දමා කතා නොකළ යුතුය. අනෙකුත් ඇතැම් දේශපාලකයින් හෙන්ම ජ.වි.පෙ. ද මෙතුවක් කල් කළේ රටට හානිමය. රටේ සම්පත් බොහෝ සේ විනාශ කර දැම්මේ ය. දැන් ඔවුන් ඇත්තටම රටට ආදරයෙන් වැඩක් කරනවාදැයි නොදනිමි. අනාගතය සඳගා තදබල ගැටළුව මවා ජාතියට විශාල හානියක් කිරීමට සියල්ල සකසන වගක් පෙනෙන්නට ඇත. කුණුහරුප කියාගෙන සරම කරට අරගෙන රෙදි හෝදන්න එන අන්ධ මාලිමා ගැත්තන් වගේ වගක් දන්නේ නැත.
දැන් මොනවා කිව්වත් වැඩක් නෑ අනුර. රැල්ල හැරිලා ඉවරයි. තමන් වටේ ඉන්න බිස්නස්කාරයන්ව පිනවන්නේ නැතුව ඉතුරු අවුරුදු කීපයේ ජනතාවට දීපු පොරොන්දු ඉටුකරන්න.
මුල්‍ය අරමුදල සමග හොර ගිවිසුම් ගැහුවා, වැඩකරන පන්තියේ මිනිසුන්ගේ පක්ෂය ධනපතියන්ගේ පාපිස්ස කෙරුව රනිල් හාමුගේ ගෝල බාලයින්ට ඉල් මහ විරුවන් සමරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා මියගිය විරුවන් නැවත නැවත ඝාතනය කර එක දැන් නවත්තපල්ලා...
ඒ කාලේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයක් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමඟ සටන් කළ ත්‍රස්තවාදියෙකු සැමරීම. ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රාජ්‍ය නායකයා එම ත්‍රස්තවාදීන්ටම උපහාර දැක්වීම කණගාටුදායක නමුත් පිළිකුල් සහගතයි. ප්‍රභාකරන්ට , ජවිපෙට අවශ්‍ය වූයේ තුවක්කුවලින් රජය පෙරළා දැමීමටයි. ජවිපෙ සහ එල්ටීටීඊය විසින් මරා දැමූ අයගේ වින්දිතයින් ගැන කිසිවෙකු කතා නොකරයි.
ලන්කාවේ ඇති බොහෝමයක් ගැටළු ඇතිකරන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදීන් ප්‍රභාකරන් හා සමාන දායකත්වයක් විජේවීර ඇතුළු මිනීමරු ජේවීපීය මූලික වුණා..
අය්යෝ නාමල්, මම නම් ගඟේ පනිනවා, වතුර බීලා මැරෙනවා. භාණ්ඩාගාරේ උතුරන කොට ,දුකත් හිතෙනවා.
හරි හරි මිනීමරුවෝ සමරලා ඔයා රඟන්නේ නැතුව පළාත් සභා ඡන්දය තියන්නකෝ ඉක්මණට. තමන්ගේ තත්ත්වය එතකොට තේරෙයි...
කොහොම හරි බේගලයක් ඔතාගෙන ඇවිත් ඇදබානවා. බුදු අම්මෝ මෙහෙමත්...
කැප්පෙටිපොළ කියන්නේ පීඩක රජෙක් නිසා පවුල් පිටින් ඝාතනයට ලක්වුණු මනුස්සයෙක්, පීඩක රජා පන්නන්න ඉංග්‍රීසින් එක්ක හවුල් වුණත් ඉංග්‍රීසින් පන්නන්න කැරළි ගැසුවා. කැප්පෙටිපොළ ද්‍රෝහියෙක් වෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩුවට මිසක් මේ ලංකාවේ සාමාන්‍ය මනුස්සයන්ට නොවෙයි. දොන් ජුවන් ධර්මපාල කියන්නෙත් වින්දිතයෙක්, ඔහුගේ සීයා වන බුවනෙකබාහු කියන මෝඩ රජා නිසා යටත් විජිතවාදීන් යටතේ ඔවුන් ඇසුරේ හැදුනු කුමාරයෙක්. ආණ්ඩුවේ අය හිතා ඉන්නේ අප ඉතිහාසය දන්නේ නැහැ කියාද? ආණ්ඩුව අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ඉතිහාසය ඉවත් කරන උත්සාහයෙන් පෙනෙනවා... ඔවුන්ට අවශ්‍යත් තමන්ට අවශ්‍ය පරිදි ඉතිහාසය විකෘති කරන්න කියලා අපට තේරෙනවා.
පිස්සු තදවෙලා...
ඇයි ඔයාට පාන්ද?
මම නම් ඉගෙන ගෙන තියෙන්නේ කැප්පෙටිපොළ කියන්නේ 1818 නිදහස් සටන මෙහෙයවූ ජාතික වීරයා ලෙසට...
රතුමල් තව තවත් රට තුළ බිහිවෙනවා..!