
රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 10 ක් බව පැවැසෙයි.
වෙඩි තැබීම කළේ 22 හැවිරිදි හැඩිදැඩි තරුණයෙකි. තරුණයා ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම පැවැත්වෙන නමුත්, පොලිස්පති සෝරන් තොමැසන් මාධ්‍ය හමුවේ පැවැසුවේ එය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවය.
වෙඩි තැබීම කළ තරුණයා ඩෙන්මාර්ක ජාතිකයකු බවත්, ඔහු සුදු අන්තවාදියකු බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

වෙඩි තැබීම සිදුවූයේ, ඩෙන්මාර්කයේ වේලාවෙන් සවස 5.30 ට පමණ කෝපන්හේගන් ගුවන්තොටුපොළ සහ සිටි සෙන්ටර් වෙළෙඳ මධ්‍යස්ථානය මැද පිහිටා ඇති ‘ෆීල්න්ඞ්’ නමැති සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේය. ප‍්‍රහාරයට ලක්වීමෙන් මියගිය තිදෙනා පිරිමි පුද්ගලයන් බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මල්ලි ඔය වැරැදි රටේ වැරැදි මිනිස්සුන්ටනේ වෙඩි තිබ්බේ. එන්නකෝ ලංකාවට. අපි දෙන්නම් ලැයිස්තුව... පස්සේ අපි ඔයාව ජාතික වීරයෙක් කරලා පිළිමෙකුත් හදන්නම්...
ඇමරිකාව ප්‍රමුඛ මේ රටවල් සංචාරක කටයුතු වලට සුදුසු නැහැ කියල කවුරුත් කියන්නේ නැත්තෙ ඇයි .
මේ ත්‍රස්ත ක්‍රියාව ලංකාවේ සිදු උනා නම් මෙහෙ ඇන්ජීඕ නඩේ විසින් "සිංහල බොදු ස්වෝත්තමවාදය" වගේ කතාවක් හදල එකට බැර කරනවා. ඊට පස්සේ ජවිපෙ, ටීඑන්ඒ, මුකො, සජබ, වගේ පක්ෂත්, රිෂාඩ්, ජෝසප් ස්ටාලින්, රවී කුමුදේශ්, තෙල් පාලිත, සමන් රත්නප්‍රිය වගේ ඒවායේ ගෝල බාලයෝ ටික ඒක අරගෙන රට දෙවනත් කරනවා.