(සුජිත් හේවාජුලිගේ)
විෂමාචාර සහ විවිධ දුෂණ අක්‍රමිකතාවල නිරත වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පිරිසකට දඬුවම් ලබාදීම පැහැර හැරීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා ) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැඩි අප්‍රසාදය පළ කළේය.
මේ අතර සමෘද්ධි ප්‍රතිලාභීන් රැක ගැනීමට වහාම වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කාරක සභාව එම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 10 වැනිදා රැස්විය. කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට කැඳවනු ලැබ සිටියහ.
අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධිලාභීන් පිරිසකට ජීවනෝපාය සඳහා මාළු දැල් ලබාදීමේදී සිදුවී ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කමිටුවේ දැඩි අවධානය යොමුවිය.
ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පැහැර හැරීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය.
එම සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.
එම විෂමාචාර ක්‍රියාවන්හි නිරත වූ නිලධාරීන්ට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසටද උපදෙස් දී ඇත.
මෙහිදී අදහස් දැක්වූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා පැවසුවේ දෙපාර්තමේන්තුවේ නවකාර්යමණ්ඩලය සඳහා අනුමැතිය ලැබී ඇති බවයි.
මෙම රැස්වීමට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක,ජේසි අලවතුවල, අශෝක් අබේසිංහ, ඩී වීරසිංහ, මේජර් ප්‍රදීප් උඳුගොඩ වීරසුමන වීරසිංහ, සිවඥානම් සිරිතරන්, මංජුලා දිසානායක සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
42
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
130
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
929
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝපා සමෘද්ධියට දෙහි කපයි
Nilmini Thursday, 18 January 2024 05:12 PM
සමුර්ධි සභාපතිට පිස්සුද කියලා හිතෙනවා... කමිටුව ප්‍රශ්නයක් අහද්දී නව කාර්‍ය මණ්ඩලය සඳහා අනුමැතිය ලැබුණා කියනවා. එහෙම මිනිස්සු එක්ක වැඩක් කරන්න බැහැ... ඒ සමග කියන්නේ ඔය ඔක්කෝම සමෘද්ධිමත් කණ්ඩායමේ ඉන්නේ දේශපාලුවෝ සහ ඔවුන්ගේ ගෝලයෝ නිසා විනයානුකූලව කටයුතු කරන්න බැහැ... ඒක තමයි වෙලා තියෙන්නේ...!