IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


“කෝප්” සභාපතිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) සහ පාර්ලිමේන්තුවට අවමන් කළ නිලධාරින් දෙදෙනෙකු සහ නිලධාරිනියක සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස  එම කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (13) ඉල්ලීමක් කළේය.

එම තිදෙනා කෝප් කමිටුවට මෙන්ම සමස්ත පාර්ලිමේන්තුවටම අවමන් කර ඇතැයි පැවසූ කෝප් කමිටු සභාපතිවරයා  ඔවුන්ට එරෙහි මෙම චෝදනාවලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා  දඬුවම් කළ හැකි බව පෙන්වා දුන්නේය.

නිශාන්ත සමරවීර මහතා;

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වන සුසන්ත ලියනාරච්චි යන අය මාධ්‍ය හමුවක් පවත්වා  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ක්‍රියාදාමයන් ප්‍රසිද්ධියේ අශෝභන සහ අශීලාචාර ලෙස විවේචනය කර තිබෙනවා. මොහු කාරක සභාවේ  නිර්දේශද අභියෝගයට ලක් කරලා තියෙනවා. මොහුගේ මෙම ක්‍රියාදාමය පාර්ලිමේන්තු බලතල හා  වරප්‍රසාද පනත උල්ලංඝනය කිරීමක්. එම අධිකාරියේ සභාපතිවරයාද මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තුවට කාරක සභාද ඇතුළත් වෙනවා.මේ අනුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් කරනු ලැබිය හැකි වරදක්  කරල තියෙනවා.



අදහස් (0)

“කෝප්” සභාපතිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site