(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා තෝරා පත්කර ගැනීම හෙට (5) සිදු කෙරෙන බව පාර් ලිමේන්තු ආරංචි මාර් ග පවසයි.
එම කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(5) පෙරවරු 11.00 ට පැවැත්වීමට නියමිතය.
නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාව සභාවාරයේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය තිස්ස විතාරණ මහතාය.මෙවර ඔහු එම කමිටුවේ සාමාජික මන්ත්‍රීවරයකු ලෙස වත් පත් කර නොමැතිවීම විශේෂත්වයකි.
කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (3) නිවේදනය කළේය.
මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපතිවරයා තෝරා පත්කර ගැනීමද ඉදිරි දිනවල සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd