IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කෝප් කමිටුවෙන් විදුලියට රතු එළියක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බැවින්  ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ඉදිරියේදී බරපතළ  ගැටලු ඇතිවිය හැකි බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කොප් කමිටුව)  එහි  නිලධාරීන්ට පෙන්වාදී ඇත.

එල්ටීඑල් සමාගමේ කොටස් බෙදී ඇති ආකාරය ඇපැහැදිලි බවත්  ආයතනයන් ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ තත්වය ගැටළුවක් විය හැකි බවත් කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවැසුවේය

එල්ටීඑල් සමාගමේ කොටස් වෙස්ට් කොස්ට් ආයතනය සහ  ඊසොට්  සමාගම යන ආයතන වලට බෙදී  ඇති  අාකාරය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී කාරක සභාවේ මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන්නේ කොටස් බෙදීම මෙන්ම එහි  ක්‍රියාකාරීත්වය ඉතාම අපැහැදිලි බවයි.

මේ නිසා මේ තත්වය පැහැදිලි කර ගැනීමට නීති  අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් ඉක්මනින්ම කටයුතු කළ යුතු බව  කාරක සභාව නිර්දේශ කළේය.

මේ අනුව එල්.ටී.එල් සමාගම ලබන මස 24 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවීමටද තීරණය කෙරිණි.



අදහස් (0)

කෝප් කමිටුවෙන් විදුලියට රතු එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 153 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2051 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1578 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site