IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය පතුරු ගහයි

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන්  එම ආයතනය   පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  (කෝප්) දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් රට නියෝජනය කරන ආයතනයක් විනා පෞද්ගලික දේපළක් නොවන බව සිතා කටයුතු කරන්නැයි කෝප්  කාරක සභාව  එහි ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

ආයතනයේ ක්‍රියාකාරකම්වලට අදාල තොරතුරු  ලබාදෙන්නැයි  විගණන කාර්යාලය ඉල්ලීම් කර ඇතත් ඒවාට පිළිතුරු නිසි අයුරින් සපයා නැතැයි කියන සිද්ධියක්  සම්බන්ධයෙන්ද  කෝප්  කමිටුව එම ආයතනයට  බලවත් අප්‍රසාදය පළ කර ඇත.

විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව  කාරක සභාව කළ විමසුම්වලදී  නිලධාරීන් පරස්පර විරෝධී තොරතුරු සහ අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද  කෝප් කමිටුව එහි ප්‍රධානීන්ට අප්‍රසාදය පළ කළේය.

මේ අතර  රුපියල් දෙකෝටි  හැට ලක්ෂයකට වැඩි වටිනා ව්‍යාපෘති හතරක්  අතහැර දමා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද  කෝප්  කමිටුව  ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.එම වියදම්  2020 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල කෙරීගෙන යන වැඩ ලෙස දක්වා ඇතැයි  කෝප්  කමිටුව පවසයි.

දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරඟයේ රූපවාහිනි විකාශයට අදාළව (2018) රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බැංකු ගිණුමට නොව වෙනත් බැංකු ගිණුමකට හරවා යැවීම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාව  කරුණු විමසා ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තා කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද කාරක සභාව නිරීක්ෂණය කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේය. කෝප් කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.



අදහස් (2)

කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය පතුරු ගහයි

DM Saturday, 19 March 2022 11:02 AM

මේක නම් බොරුවක්. අපි දැන් ඇති වෙන්න මේ කමිටුවේ වාර්තා දැකලා තියෙනවා. හොරුන්ව අතටම අහුවෙලා තියෙනවා. ඒත් චූදිතයන්ට කිසිම දඬුවමක් නැහැ. නිකම් රටේ සල්ලි තවත් කාබාසිනියා කරලා දානවා.

:       1       24

Perera Saturday, 19 March 2022 12:41 PM

පතුරු ගැහුවට වැඩක් නැහැ. අන්තිමට චූදිතයෝ නිදොස් කොට නිදහස්...

:       1       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 745 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site