(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කෝප් සහ කෝපා කමිටු පිහිටුවීම පස්සට අදින්නේ පක්ෂෙට එහි සභාපති ධුර දෙන්නට වෙන නිසා දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

කෝප් සහ කෝපා කමිටු තවමත් පිහිටුවා නැහැ. මේවා පස්සට අදින්නෙ ඇයි? මේ කමිටු සභාපති ධුර විපක්ෂයට දෙන්න තියෙන අවස්ථාව නැති කරන්නද මේ හදන්නේ.

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා:-

කතානායක විදේශ ගතව සිට පැමිණි සැනින් කෝප් සහ කෝපා කමිටු ප්‍රකාශයට පත් කිරීමට එකඟතාව පළ වී තිබෙනවා.එතුමා අද දිවයිනට පැමිණීමට නියමිතයි.