(සුජිත් හේවාජුලිගේ )
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව) සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාද රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති ධූරය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද පත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.
නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාය.
මහාචාර්ය තිස්ස විතාරණ මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර කටයුතු කළේය.
කෝප් සහ කෝපා යනු රාජ්‍ය ආයතනවල දූෂණ වංචා අක්‍රමිකතා සහ අවභාවිතා පිළිබඳව විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු දෙක වෙයි.
පාර්ලිමේන්තුවේ සියලු කමිටුවල සභාපති ධූර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.
ඒ අවස්ථාවේදී ඊට කතානායකවරයාගේ පැහැදිලි එකඟත්වය පළවූ බව දැනගන්නට ඇත.
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ( committee of selection ) පසුගියදා තීරණය කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසන් කිරීමත් සමග අහෝසි වූ එහි කමිටු( හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක්) අතුරින් කිහිපයක් දැනට පත්කර ඇති අතර සෙසු කමිටුද පත් කිරීම ඉදිරි දිනවල කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ හිටපු හොඳ අණ්ඩයෝ දෙන්නෙක් පත් වෙන්න යන්නේ. කලින් හිටපු අයගෙන් තිස්ස විතාරණ ගැන ලොකුවට දන්නේ නෑ ඒත් චරිත හේරත් ඉතාම හොඳ අවබෝධයක් ඇතිව ඉතා විශාල සේවයක් කළ බව රටේ කාටත් පෙනෙන්න ඇති ටීවී එකේ එහෙම පෙන්නපු දේත් අපිට කියවන්න ලැබුණු විස්තරත් බැලුවම. අනික, චරිත හේරත් කිසිම වංචාවක් නැති කෙනෙක් බවට ප්‍රසිද්ධ කෙනෙක්. එරාන් වික්‍රමරත්න මිතුරු සමාගම් වලට සහන සලසන්නේ නැතුව චරිත හේරත් වගේ වැඩ කරාවිද කියන ප්‍රශ්නේ එනවා. විපක්ෂය ඔක්කොම කමිටු සභාපතිකම් ගත්තාය කියලා ප්‍රශ්න විසඳෙයිද ඒ අයගේ සම්බන්ධකම් ඇති අයට විශේෂ සැලකිලි නැතුව වැඩ නොකරොත්. මොකද ඔය සභාපතිකම් ගන්න බලන හැමදෙනාම දේශපාලනයේ තෙම්පරාදු වෙලා අවංකකම අඩු හෝ නැති අය වෙන්න පුළුවන්. චරිත හේරත් තෙම්පරාදු නොවී ආපු කෙනෙක් නිසා කෙලින් වැඩ කිරීම ලේසි වෙන්න ඇති.
අකිල, එරාන් ඔහොම යං, ඔහොම යං....!
ලංකාව කමිටුවලින් නම් ස්වයංපෝෂිතයි!
දැනුමක් ඇති කෙනෙක් හරියට මම නම් මේකට නැහැ. හේතුව කළින් සභාපතිවරු දෙදෙනා ලොකු වැඩ කොටසක් කරමින් සිටියා. එහෙ ඉවර කරන්න තිබුණු වැඩ ගොඩක් තිබුණා. ඒවා ඉවර කරන්න චරිත හේරත්ට, තිස්ස විතාරණට ඉඩදිය යුතුයි. ඔවුන් දෙදෙනා නැවත පත්කරන්න බැරි හේතුව කුමක්ද? හොර, වංචා එළාවෙමින් තිබුණු ප්‍රකාශන යට ගැසීමද? අනික මේ පත්කළ දෙන්නාම අලුත් ආණ්ඩුවට පස්ස දොරෙන් යන්න කතාකරපු දෙන්නෙක් කියලා සමාජ මාධ්‍ය කිව්වා.
ඇයි කළින් දෙන්නට ඉවර කරන්න තිබෙන වැදගත් පරීක්ෂාවද? කොටස ඉවර කරන්න ඉඩදෙන්නේ නැත්තේ... මේවත් ඩීල්ද?
කලින් මේ තනතුර දරපු ඩිව් ගුණසේකර, ජේවිපිඑකේ සහෝදරයා සහ චරිත හේරත් මන්ත්‍රතුමාත් ඉතාම හොඳින් තම රාජකාරිය කාළා. මේ දෙන්නගෙනුත් එහෙම රාජකාරියක් කරාවි කියලා අපිත් සැකයක් තියෙනවා. මෙයලගේ ඉතිහාසය දෙස බැලුවාම. ඒ වගේම මේ කමිටුවට දඬුවම් දීමේ බලය ලබාදෙන්න ඕන වැදගත් විනිශ්චයකාරතුමෙකුත් මෙයට අනුබද්ධ කරලා.