
(රාස්සගල සමිපත් ප්‍රියනන්දන)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධිය සමිබන්දයෙන් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය.
සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන්ට එම පිිඨයේම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් ඉකුත් (09) රාත්‍රියේ විදුලිය විසන්ධි කර පොලු මගුරැවලින් පහර දිම හේතුවෙන් පහර කැමට ලක්ව තුවාල ලැබු සිසුවියක සහ සිසුන් දෙදෙනකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවැසීය .
එම සිසුන් පඔහින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහල වෙත මාරැකර එවා ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
තමන් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පිඨයේ ආපනශාලාවෙිි රාත්‍රි ආහාර ලබා ගනිමින් සිටියදි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි විදුලි විසන්ධිකර තමන්ට පොලු මගුරැ වලින් පහර දුන් බවට පහර කැමට ලක් වු සිසුන් පොලිසිය වෙත පවසා තිබෙි.
එදින රාත්‍රි 10. 30 ට පමණ මෙම පහර දිම සිදු කර අැති බවට පොලිස් විමර්ශනවලදි අණාවරණය වි ඇති බවද සමනල වැව පොලිසිය පැවැසීය.
එක් සිසුවකුගේ මුඛයට පහර දිම හේතුවෙන් ඔහුගේ දත් වලට හානි සිදුව ඇති බව පොලිසිය ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"....ආපන ශාලාවේ රාත්‍රි ආහාර ලබා ගනිමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි විදුලි විසන්ධිකර තමන්ට පොලු මගුරු වලින් පහර දුන් බවට..." ආහාර ගන්නා විට කිසිම මිනිසකු නොකරන දෙයක්? මෙවන් අය උපාධි සහතික ලැබුවාට වැඩක් තිබෙනවාද? සිත්පිත් නැති තිරිසන් සතුන් වන් මෙවැනි අයට මහජන මුදලින් සහතික දියයුතුද?
කාලකන්නි ජෙප්පෝ...!
දැන්නම් වර්ථමාන පරපුර වැඩි හරියක් උපරිමයෙන් ම පිරිහිලා. විනයක් නෑ. මනුස්ස ගුණධර්ම නෑ. හැදියාවක් නෑ. නිකම්ම නිකම් පන්ච උපාදනස්කන්ධ විතරයි . මේවා එන්න එන්නම වැඩිවෙයි.
මන්ද මානසික ලෙඩ්ඩු. මොවුන්ව පුනරුත්ථාපනය කරන්න ඕනෑ...!