
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ සංගීත ඒකකය ගිනි තබා වනසා ඇත්තේ එම පාසලේම 8 ශ්‍රේණීයෙ සිසුවකු යැයි සිදු කළ මූලික පරික්ෂණවලින් අනාරණය වූ බව පොලිසිය කියයි.
ඒ සදහා තවත් පාසලක සිසුවකුද හවුල් කරගෙන ඇති බව ආණමඩුව පොලිසිය සිදුකළ මූලික විමර්ශණවලදි තහවුරු කර ගැනිමට සමත්ව ඇත.
කන්නන්ගර විද්‍යාලයෙ සංගීත ඒකකය ඉකුත් 4 දින සවස ගිනි ගැනිමකින් විනාශ විය.
ගින්න අනෙක් ගොඩනැගිලි වෙත යාම වැලැක්විමට විදුහල්පතිවරයා හා ගුරුවරුන් පිරිසක් කටයුතු කිරීම නිසා දැවැන්ත විනාශයක් වළකා ගැනිමට සමත්ව තිබුනී.
එම ගිනි ගැනිමේන් සංගීත ඒකකයෙ තිබු ලක්ෂ 20 කට අධික උපකරණ සියල්ලම ගින්නට හසුව විනාශ වී තිබු අතර ගොඩනැගිල්ලට සිදුවු හානිය රුපියල් ලක්ෂ 70 කට අධික බව විදුහල්පති විමල් විජේරත්න මහතා පවසන්නට විය.
අහම්බෙන් විදුහල්පතිවරයා හා ගුරුවරුන් පිරිස පාසල් පරිශ්‍රයට නොඑන්නට නැටුම් ඒකකය හා එහි තිබු ලක්ෂ 40 කට ආසන්න උපකරණ ද ගින්නට හසුව විනාශ වන බව පැවැසීය.
මෙහිදි අදාල සිසුවාගෙන් බුද්ධි අංශ නිළධාරීන් විසින් කළ ප්‍රශ්න කිරීම් වලදි හෙළිව ඇත්තේ දිවුල් ගසේ දිවුල් කැඩිමට ගැසු ගලක් සංගීත ඒකකයෙ ජනේලයක විදුරු බිදි ගිය බවත් බිදි ගිය විදුරුවෙන් තමන් දුම්වැටිය පානයට රැගෙන ආ ගිනි පෙට්ටයේ ගිනි කුරු දල්වමින් සංගීත ඒකකයට දැමු බවයි.
මෙසේ සංගීත ඒකකය ගිනි තබා වනසා දැමිම ගැන කිසිදු තොරතුරක් සිසුවා බුද්ධී නිළධාරින්ට ලබා දී නැති බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ තාත්තා අම්මා දෙන්නා පරණ ජවිපෙ සාමාජිකයෝ.. මතකයි නේද ඒ කට්ටිය ස්කෝල ගිනි තියපු විදිය...?
මට අසාධාරණ සැලකිල්ලක් ලැබුණත්, මම ඒවා පුච්චනවා...
වෙඩි වැදිලා මැරිච්චි කෙනෙක් සංසාර පුරුද්දට පොදු දේපල ගිනි තියලාද කොහේද?
මොකක්ද මේ ළමයින්ට වෙලා තියෙන්නේ? 8 පන්තියේ ළමයෙක් දුම්වැටි දල්වන්න පාසලට ගිනිපෙට්ටි ගේනවා, තමන් ඉගෙන ගන්න පාසලේ උපකරණ මෙලෙස විනාශ කර දමන්න තරම් ඔහුගේ මානසිකත්වය සැකසුනේ කොහොමද? අපේ කාලේ අපි පාසලට, ගුරුවරුන්ට දේවත්වයෙන් සැලකුවේ.
අනේ අම්මෝ මෙහෙමත් ළමයි... දැක්කාම බඩ පපුව හෝස් ගාලා යනවා... මාත් ඉස්කෝලේ සංගීත කණ්ඩායමේ හිටියා අපි කොච්චර ආදරෙන් ද හිටියේ අපේ සංගීත බඩු වලට වැදලා වැඩ පටන් ගන්නේ