
(උපුල් හේරත්)
අනුරාධපුර තන්තිරිමලේ පාසල්වල කුඩා දරුවන් 15 - 20 අතර ප්‍රමාණයක් දිනපතා පැවැතිවෙන උදෑසන රැස්වීමේ දී සිහිසුන්ව ඇද වැටෙන බව එම විදුහල් ආරංචි මාර්ග කියයි.
තන්තිරිමලේ තම්බියාව ගමේ පිහිටි ධර්මපාල විද්‍යාලය ,කිඹුල් වැව ආනන්ද විද්‍යාලය ,හා මහවිලච්චියේ සිද්ධාර්ථ යන විද්‍යාල වල ඉගෙනුම ලබන සිසු - සිසුවියන් සැලකිය යුතු මට්ටමකින් උදෑසන රැස්වීම් වේලාවේ සිහසසුන්ව ඇද වැටීම නිසා, එම පාසල්වල රැස්වීම් සීමා කිරීමටද කටයුතු කර ඇති බව එම විද්‍යාලවල බලධාරීහු පවසති.
මෙම පාසල් වලින් ඉගෙනුම ලබන පළමු වසරේ සිට පස්වැනි වසර දක්වා ළමුන්ට රජය මගින් ආහාර ලබා දෙයි.
ඉහල පන්ති වල සිටින දරුවන් මෙසේ සිහසුන් වන බව එම ප්‍රදේශයේ මාපියෝ පවසති.
බිල්ලෑව,වන්නි හැලබ වැව ,නිකවැව, කිඹුල්වැව ,සියඹලාගස්වැව ,තම්බියාව ,තුප්පිටියාව ,දිය මතුරාවඉහළදංගස්වැව ,යන ගම්මාන වල සිසුන් මන්දපෝෂණ තත්ත්වයෙන් පසු වෙනු ඇතැයි තමන් බියට පත්ව ඇතැයි ද මවුපියෝ කියා සිටිති.
මෙම පිළිබඳව මහ විලච්චිය සහකාර ප්‍රාදේශීය ලේකම් හසිනී යසාරා හිටිබණ්ඩාරනායක මහත්මියගෙන් කළ විමසීමකදී කියා සිටියාය.
මෙම ප්‍රශ්නය මුළු ලංකාව පුරාම තිබෙන දෙයක් .නමුත් තන්තිරිමලේ කොට්ඨාසයේ පාසල් ළමුන් සිහසුන්ව වැටීම පිළිබඳව අපට තොරතුරු ලැබෙන්නේ නැහැ. ඒවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසිය යුතුයි. නමුත් සමෘද්ධිය ලබා දීම පිළිබඳව නැවත නැවත පරීක්ෂණ පවත්වා අදාල පුද්ගලයන්ට එය ලබාදීමට කටයුතු කරනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම තේරුමක් නෑති වැඩක් තමා උදේට ලමයින් පෝලිම් ගස්සලා අව්වේ තියන එක.
මම දන්න අධ්‍යාපන කොට්ටාශය්කට පරිගණගණක 200 ක් ගත්ත. යන්නෙ හිනා පස්සා පැත්තෙන්.
දැනුවත් කරන්න.. අවශ්‍යම දෙයක් තියෙනවා නම් ගුරුවරු පංති වලට ඇවිත් දැනුවත් කරන්න ඕනේ. ළමයි බොරුවට මහන්සි කරවන්නේ නැතුව..!
අපි යමු ණෙලුම් කුලුන බලන්න. තව අළුත්කැබිනට් මිනිස්ටර්ස්ල සෙට් එකක් එක්කරගම්මු
දරුවන්ට හඬක් නෑ. කෑම හොයාගෙන කන්න බෑ. දෙමාපියන් දෙන දේ තමයි කන්නේ. වැඩිහිටියන් විදියට අපි ලැජ්ජා විය යිතුයි. මේ පාලකයින්ට සහ නිලධාරින්ට මේක විහිළුවක්. වෛද්‍යවරු ගම්වලට ගිහින් මේ ගැන වාර්තා කළා. යුනිසෙෆ් එක වාර්තා කළා. ඒත් මේක විහිළුවක් මේ අයට...