IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කන්න දුන්නු භාණ්ඩවල සල්ලි ඉල්ලයි

(අමදෝරු අමරජීව)

මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් අටක නේවාසික රෝගින්ට වියලි ආහාර සැපයිම වෙනුවෙන් ගෙවි ගිය මාස හතරක කාලයක් සදහා ලැබිය යුතු මුදල් ඉල්ලා සැපයුම්කරුවෝ තිදෙනෙක් ත්‍රිකුණාමලයේ පිහිටි පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ විරෝධතාවයක් ආරම්භ කළහ.

මින් එක් සැපයුම්කරැවෙකුට රුපියල් මිලියන 15 ක්ද තවත් සැපයුම්කරුවකුට රැපියල් මිලියන හයක්ද ඉතිරි සැපයුම්කරුට රැපියල් මිලියනයක්ද මෙලෙස ගෙවිය යුතු බව සැපයුම්කරුවෝ පැවැසුහ.

තමන්ට මෙම මුදල් ලැබෙන තෙක් විරෝධය අත් නොහරින බවද එම සැපයුම්කරුවෝ ප්‍රකාශ කළහ.

මේ සම්බන්ධයෙන් කළ විමසුතට පිළිතුරු දුන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පැවැසුවේ මුදල් නොලැබිමේ ප්‍රශ්නය විසදා ගත යුත්තේ මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සමග බවයි.

ගිවිස ගත් කොන්ත්‍රාත් මුදලට පිටින් කටයුතු කළ නිසා මේ අර්බුදය ඇතිවි ඇති බවත් එයට වගකිව යුත්තේ මඩකලපුව ප්‍ර්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බව පළත් අධ්‍යක්ෂවරයා කීහ.

 



අදහස් (1)

කන්න දුන්නු භාණ්ඩවල සල්ලි ඉල්ලයි

Janaka Hewage Sunday, 03 September 2023 09:08 AM

කඨින පිංකම්වල කප්රුකේත් අපි සල්ලි එල්ලනවා. මේකත් ෂෝක්. පරිප්පු, සෝයා වගේ ඒවගෙ සල්ලි එල්ලලා තියෙනවා බලන්න ආසයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site