
(ඩයනා උදයංගනී)
ඉදිරියේදී කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනයට අවශ්‍ය පනත් සංශෝධන සිදුකරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (15) පැවසීය.
එමෙන්ම බස්රථ සඳහාගමන් කාඩ්පත හඳුන්වාදීම ලබන 27 වැනිදා සිදුකරන බව ද ඇමතිවරයා කීවේය.
එමගින් පාරිභෝගිකයාට ඉතුරු මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳෙනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එමෙන්ම ජනතාවට බලපාන බහාලුම් ප්‍රවාහන රථ, ත්‍රිරෝද රථ ආදියේත් ගාස්තු නියාමනයට ද කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උබලා හදන්නේ කොන්දොස්තර මහතුන්ගෙන් මැරුම් කන්න තමයි නටන්නේ
ඒක මොකක්ද සර්, ඔය ජනාධිපතිවරයෙක් නැතිව රට දුවන්නෙ .......
බසයක් කියන්නේ දේශපාලුවන් පාවිච්චි කරන වාහන වගේ නොවෙයි... එහෙම පහසුකම් නැති දිග වාහනයක් ඉතින්... ඒවා හැරවීමේදී තවත් කෙනෙකුගේ සහාය අවශ්‍ය වෙනවා මෙම තීරණය අනතුරුදායකයි.
ඩීසල් නැතුව බස් දුවන්න ක්‍රමයක් හොයාගන්න බැරිවෙයිද?
මේ වගේ දියුණු ගෝත්‍රිකයින් ඉන්න රටකට රියදුරොත් අවශ්‍ය නැති බස් රථ ආනයනය කලොත් නේද හොඳ? අනික ඉතින් අපි දැන් යූස් කරන්නේ, "ඔරකල් සිස්ටම් එකනේ? "
ඩිසල් නැතිව බස් දුවන ක්‍රමයක් හඳුන්වා දෙන්න.
ඒ නැතිවන රැකියාවලට මොනවද විකල්පය. උඹලාට පෝස්ටර් ගහන්න එන්නද.
බැරිද කොන්දොස්තරලාට ගෙදර ඉඳන් ඕන ලයින් ජොබ් එක කරන්න ක්‍රමයක් හදන්න? තිබෙන රස්සාවල් නැති කරන ක්‍රම හොයන්න එපා හලෝ.
කතාව දෝලාවෙන් ගමන පයින් රූටනවා. තියෙන රස්සාවලුත් නැති කරලා ලොකු පම්පෝරි වැඩකරන්න කළින් ඉන්ධන ප්‍රශ්නය විසඳන්න හලෝ... විදුලියත් නැතිව දැනටමත් දත්ත බාගත වෙන වේගය අඩු වෙලා.. මෙතන විකාර කියවනවා.
ලෝකයේ දියුණු රටවල බස් කොන්දොස්තරලා නැහැ. අවශ්‍ය නම් ලංකාවෙත් කරන්න පුළුවන්...