(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරී කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සාත්තු සේවකයින් සහ රියැදුරන් ඇතුළු සෞඛ්‍යය කාර්ය මණ්ඩලය 70 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර්.පරීක්‍ෂණ වාර්තා මගින් තහවුරු වී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ,වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා අද (10) ප්‍රකාශ කළේය.
කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා රෝගීන් හමුවිමෙන් පසුව මෙම සෞඛ්‍යය කාර්ය මණ්ඩල සියලු දෙනාගේ ද පි.සි.ආර් පරීක්‍ෂණ සිදු කළ බවත් පරීක්‍ෂණ වාර්තා ලැබෙන තෙක් කොරෝනා නීති යටතේ ස්වයං නිරෝධායනයට යොමු කර සිටි බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd