IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කන්දකාඩු රැඳවියකුගේ සිරුරුක් පාළු නේවාසිකාගාරයක

(නිමල් ජයරත්න)

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙහි පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියකුගේ සිරුරු එහි පාළු නේවාසිකාගාරයක තිබී හමු වූ බව  වැලිකන්ද පොලිසිය කියයි.

ඔහු පාදුක්කේ පදිංචි 27 වියති විවාහකයකු බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඔහු අගෝස්තු 28 වැනිදා වසරක දඬුවම් කාලයකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පුනරුරුත්ථාපනය වීමට පැමිණ ඇති අතර ඔහු  බිරිඳට ලියූ ලිපි කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

කන්දකාඩු පුනරුනරුත්ථාපන මධ්‍යස්ථානයේ භාවිතයට නොගන්නා නේවාසිකාගාරයක බාල්කයක එල්ලී මෙට්ට කවරයක කොටසකින් ගෙළවැළලා ගැනීමට උත්සහ දරා ඇති අතර ඔහු එහිදී බිමවැටී සිටින අයුරු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයයේ උපදේශක නිලධාරීයකු  දැක ඇති බව පරීක්ෂණ සිදුකළ පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව එම කඳවුරේ ගිලන්රථය මගින් පුනරුත්ථාපනලාභියා ලංකාපුර බී.ඕ.පි. 316 ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු ඒ වනවිටත් මියගොස් සිටි ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කරඇති බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය පවසයි.

එම රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිත බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (1)

කන්දකාඩු රැඳවියකුගේ සිරුරුක් පාළු නේවාසිකාගාරයක

HADA GASMA Wednesday, 21 September 2022 02:14 PM

හද සසල කළ මේ පුවතින් මතුවෙන යටි පෙළ අරැත සැබෑම අරටුවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site