(අංජුල මහික වීරරත්න)
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව කන්දකාඩු ගොවිපොළ මුළුමනින්ම ඉදිරි මහ කන්නය වගාව සඳහා යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව කන්දකාඩු ගොවිපොළේ හෙක්ටෙයාර් 1215 ක් යුද හමුදාවටත්, තවත් අක්කර 500ක් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවටත් ලබා දීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී අදහස් පළ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව මුහුණපාන ආර්ථික අර්බුදය මෙන්ම ආහාර හිඟය තුරන් කරලීම සඳහා සෑම ඉඩමක්ම වගා කිරීමට රජය ගත් තීරණය මත කන්දකාඩු ගොවිපොළේ අක්කර 11,000කින් සමන්විත සියලු ඉඩම් වගා කිරීමට කටයුතු යොදන බව කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කන්දකාඩු ගොවිපොළ මහ කන්න වගාවට