
(සුජිත් හේවාජුලිගේ )
රැඳවියන් අතර ගැටුමක් ඇතිවූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය ඉදිරියේදී වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහලංකාදීපයට පැවසීය.
එම ගැටුම සම්බන්ධයෙන් තමා වාර්තාවක් ඉල්ලා ඇතැයිද ඔහු සඳහන් කළේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඉදිරියේදී අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා මධ්‍යස්ථානයට දෙවැනි වතාවට පැමිණෙන රැඳවියන් වෙනත් ස්ථානයකට යැවීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
එහි බොහෝ ගැටුම්වලට මුල පුරා ඇත්තේ දෙවෙනි වතාවට පැමිණෙන රැඳවියන් බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවියන් දෙපිරිසක් අතර පෙරේදා(12) පස්වරුවේ ඇතිවූ ගැටුමකින් රැඳවියෝ විසිපස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
එම ගැටුම අතරේදී රැඳවියන් පනස් දෙනකු පලා ගිය නමුත් ඉන් විසි පස් දෙනෙක් පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තැනකට දාන්න ඕන මනෝ විද්‍යාඥයින්, උපදේශනය කරන්න පුළුවන් අය. නිකම්ම හමුදාව දාල හරියන්නේ නැහැ. මේ පිළිබඳව කටයුතු කළයුතු ආකාරයක් තියෙනවා. මේක වැදගත් ක්‍රියාවලියක්. ඒක නිසා බුද්ධිමත්ව වැඩ කළයුතුයි.
කන්දකාඩු ආරවුලට ලොක්කා ඉවතට දානවා නම් රටේ තිබෙන ආරවුල් වලට රටේ ලොක්කා ඉවතට දාන්න කිව්වොත් වැරදිද?