
(ඩයනා උදයංගනී)
පිටකොන්දක් තිබෙනවා නම් මන්ත්‍රීධූරවලින් ඉවත්වී ඡන්දයක් පවත්වා ජනතාවගේ කැමැත්තෙන් නැවත පත්වීමට උත්සාහ කරන්නැයි වත්මන් පාලකයන්ට දැනුම් දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
ජනතාව ඔවුන්ට කැමතියැයි කිව නොහැකි බවත්, වර්තමානයේ ඇත්තේ ජනතාව ඡන්දය දුන් ප්‍රතිපත්ති ප්‍රකාශය නොව වෙනත් එකක් නිසා ඔවුන් අලුත් මැතිවරණ ප්‍රකාශයක් සමග නැවත වරක් ඡන්දය ඉල්ලිය යුතු බවත් අගරදගුරුතුමෝ කීහ.
එවිට රට දිය යුත්තේ කාටදැයි ජනතාවට තීරණය කළ හැකි බවද කාදිනල්තුමෝ සඳහන් කළහ.
ඇතැමුන් පිටුපස දොරෙන් පැමිණ ජනතාවගෙන් නොඅසා සියල්ල වෙනස් කරන බව කී කොළඹ අගරදගුරුමෝ මෙරට කුමන හෝ සම්පතක් විදේශයකට දෙන්නේ නම් ඒ පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් අගරදගුරුතුමෝ පැවසූහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ, බොරැල්ල, අගරදගුරුමැදුරේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වත්මන් නායකයන් රට ඉතා දුක්බරිත තැනකට ගෙනැවිත් ඇති බවත්, ඔවුන් පාර්ලිමේන්තුවේ හිනාවුණාට ජනතාව සතුටින් සිටින බව කිව කිව නොහැකි යැයි ද කාදිනල්තුමෝ පැවසූහ.
පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැයෙන් වෙන්කළ මුදල් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති නියෝගය තමන්ගේ වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් උසාවියට කරුණු ඉදිරිපත් කරන ලෙස කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු කතානායකවරයාගෙන් ඇති ඉල්ලීම සම්බන්ධයෙන් තම බලවත් විරෝධය පළ කරන බව ද කාදිනල්තුමෝ පැවසූහ.
කිසිවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට ඉඩක් නොමැති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය මෙන්ම ජනාධිපතිතුමා ද බැඳී සිටින බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි... පැහැදිලි, සෘජු කතාවක්...
මොන කොන්දක්ද? පැරැදුණු ගමන් මේ අයගේ පවුල් පිටින්ම නන්නත්තාර වනවා.
සියලු දේ කරන්න... ආගමික දේවල් නැතිව...!
පාස්කු ප්‍රහාරය ගැන කතාකරන්න එපා වෙලාද?
මෙයා මතකද ගෝඨාට සපෝර්ට් කළා...
ගරු කාදිනල්තුමනි, මේ මොහොතේ ඔබවහන්සේගෙන් විශාල මෙහෙවරක් මේ රටේ ජනතාවට ලබාදෙන්න පුළුවනි. අපි සැමත් ඔබවහන්සේත් රජයෙන් බලාපොරොත්තු වෙන්නේ ඡන්දයක්... නමුත් කරපු අසික්කිත වැඩ නිසා අනිවාර්යයෙන්ම පරදින බව දන්න. ඒ වගේම පරාජයෙන් පසුව ලැබෙන දඬුවම් ගැන හොඳින්ම දන්න රජය එක එක කතන්දර ගොතමින්, මුදල් නැතිබවම පවසනවා. ඔබ වහන්සේට හැකියාවක් තිබෙන බව අප දන්නවා වතිකානුවට අප සිටින තත්වය පහදාදී - මානුෂික හේතුවක් ලෙස සලකා මේ ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදලක් ඉල්ලා සිටින්නට. වතිකානුවට මුදල් වලින් ප්‍රශ්නයක් නැතිබව මුළු ලෝකයම දන්නවා. ඉතින් ඔබ උපන් මේ රට වෙනුවෙන් ඔබ වහන්සේට කළහැකි උතුම්ම මෙහෙවරක් ලෙස සලකා මේ ඉල්ලීම සලකා බලන මෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි...
මේවා කාටකියන්නද කාදිනල්තුමා...?
ජේසු පිහිටයි අපට - ශ්‍රී ලාංකික කතෝලිකයන්.
පීඩාවට පත්ව අසරණව සිටින ජනතාවට මෙතුමාගේ ප්‍රකාශ නිතරම ශක්තියක් වෙනවා. කොන්දක් ඇතිව ජනතාව වෙනුවෙන් පෙනිසිටීම ඇත්තටම පුරවැසියන් වශයෙන් අපි සතුටුවෙමු. පාදඩ දේශපාලකයන්ගේ වියරැව හෙළාදැකීම රටේ අවශ්‍යතාවයකි..
ජන්දය යන වියදම කාදිනල් දෙනවා නම් ජන්දයක් තිබ්බා කමක් නෑ. නමුත් මේ පවත්නා විවස්ථාව තුල මොන ජන්ද තිබ්බත් එන්නේ හොරු . 1972 ට පෙර තිබු විවස්ථාවට සමාන විවස්ථාවක් ගෙන එන තුරැ මේ හෝර නඩය හදන්න බැහැ.නාගහනන්ද කොඩිතුවක්කුගේ යෝජිත විවස්ථාව අධ්‍යාපනය කර එය ගෙන ඒම පූජක පන්තිය කල යුතු ලොකුම කාර්යය වනු ඇත.
ආගමෙන් ඔබ්බට. ඒ නිසා ජනතාව ආගම හැර යනවා බොහෝ රටවලබොහෝ රටවල
කුට්ටිය හම්බ වෙනකම් බුරනවා..මස් කට්ටක් ලැබුනම කටවහගෙන පැත්තකට වෙනවා..ගොඩ යන්න ඕන වෙද්දි පාස්කු ප්‍රහාරය මතක් වෙනවා..තක්කඩි..
දේශපාලුවො කියන්නෙ කිසිම ලජ්ජවක්, නැති, නම්බුවක් නැති අසික්කිතයින් පිරිසක්.