(ෂේන් සෙනෙවිරත්න )
කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේදී ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් ඉදිරිපත් කරන නර්තන අංග ඇතුළු සියලු ආයිතම නිශ්චිත කොට ගැසට් කිරීමට සාකච්ඡා වු බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි .
එමගින් අනාගතයේදී කිසිදු අවස්ථාවක ඊට නවාංග ඇතුළු කර පෙරහර විකෘති කිරීමට නොහැකි වනු ඇති බවද ඒ මහතා පැවසීය .
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේදී පැවති මෙම සාකච්ඡාවේදී මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය විකෘති කිරීම් වලට ලක් නොකර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සම්ප්‍රදානුකූලව පවත්වාගෙන යෑම සඳහා ඊට සහභාගී වන පිරිස සහ පහසුකම් සලසන රාජ්‍ය ආයතනවල කාරිය භාරය නිශ්චිත කර ගැසට් කිරීමට ද සැලසුම් කොට තිබේ .
පෙරහර සංදේශය මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය .
පෙරහර සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් එය ඉදිරියට ගෙන යාම දියවඩන නිලමේවරයාගේ මෙන්ම සතර මහා දේවාල බස්නායක නිලමේවරුන්ගේද වගකීමක් බව බස්නායක නිලමේ වරුන්ගෙන් සංගමයේ සභාපති මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර මහතා මෙම අවස්ථාවට බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ .
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්ද උඩරට ඇසළ පෙරහරේ නර්තනාංග-අයිතම නිශ්චිත කර ගැසට් කරන්න යයි
Prabha Thursday, 21 March 2024 09:50 PM
රන් ආලේපිත මිනිකූපර් රථයක් පමණක් එක්කිරීමට යෝජනා කරමි.