(අංජුල මහික වීරරත්න)
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමිනි.
කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත ඊයේ(07) දිනයේදී ගැසට් කළ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත එළැඹෙන සතියේ දී ගැසට් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
295
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවන්ට හයිය දෙන පනත් දෙකක් මැයි එයි
Chandima Friday, 08 March 2024 03:30 PM
අවුරුදු කීයක් ආණ්ඩු කළාට පස්සෙද කාන්තාවෝ මතක් වුණේ...? ඒකටත් කොහුමිටි, ඉදල් උස්සගෙන එනකල්ම උන්නා. කමිටුවකුත් පත්කරනවාද?
සෙනෙවිරත්න Friday, 08 March 2024 09:29 PM
පනත් කොමිෂන් කොච්චර තිබුණාද? ඒත් ගෑනියෙකුට පාරක යන්න බැහැ, ඒ පී පී කාන්තා බලය දැකල මෙයාලාට උණසන්නිපාතේ...
Bamunuarachchi Friday, 08 March 2024 09:50 PM
මතක් වෙච්චි කට්ටිය තමයි කලින්ම කිව්වේ පැරණි වෘත්තීය නීතිගත කරනවා කියලා. හොඳයි නේද? පුරුෂයාට පිම්පි වැඩේ ගන්න පුළුවන්. ඔන්න ගැහැණියට ලැබුණු තැන...
Rata Perata Friday, 08 March 2024 10:32 PM
ඒක හොඳයි. සාගල ගැනත් බලන්න ඕනෑනේ...!
sam Saturday, 09 March 2024 03:54 AM
මාමා කරන්න බැහැයි කියපු දේ බෑනා කරන්න යනවාද?