(යොහාන් භාසුර)
නීත්‍යානුකූල නොවන ආකාරයට විදේශ රැකියා ජාවාරම්වලට ගොදුරු වූ වින්දිත කාන්තාවන් 170 ක් සහ ජාවාරම්කරුවන් පිරිසක් මෙම වසරේ පළමු මාස තුන තුළ කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
තවත් කාන්තාවන් 8 දෙනෙක් ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් තළ බව කියන එම කාර්ංයංශය විදේශ රැකියා සඳහා සුදුසුකම් නොලබන පිරිස් විවිධ වංචනික ක්‍රම භාවිත කරමින් විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලයේ බහුලව වාර්තා වූ බව ද සඳහන් කළේය.
මිනිස් ජාවාරම් මැඩ විදේශ රැකියා ක්ෂේත්‍රය දැඩි පාලනයකට ලක්කර නීත්‍යානුකූල ආකාරයෙන් පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් නව ක්‍රමවේදය ක්‍රියාවට නගා ඇති බවත් මෙම ක්‍රමවේදය මගින් පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමුකිරිම, විදේශ ගතවන ශ්‍රමිකයින්ගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව රැකවරණය තහවුරු කිරීම අපේක්ෂා කරන බවත් එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවාලු, ඒ වගේම තමයි මේ අසරණ මිනිස්සුන්ට මේ රටේ ආදායමක් හොයාගන්න බැරි නිසා කෙසේ හෝ විදේශ රැකියාවකට යා ගන්න බලනවා. රාජ්‍ය මැදිහත් වීම නිසි ආකාරයෙන් තිබෙනවා නම් මෙවැනි ජාවරම් කාරයින්ට ඉඩක් ලැබෙන්නේ නෑ...