( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තෙවන සැමියා තවත් අයකු එක්ව බිරිය සහ දරු දෙදෙනකු පැහැරගෙන යමින් සිටියදී දක්ෂිණ අධිවේගී දොරටුව අසලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා ද වන බව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබූ මන්නයක් ද පොලිස් භාරයට ගෙනතිබේ.
පැහැරගැනීමට ලක්වූ කාන්තාව ගේ පළමු සැමියා මිය යාමෙන් අනතුරුව දෙවන සැමියා ලෙස තවත් පුද්ගලයකු සමඟ කාලයක් ගත කර ඇති අතර ඇතිවූ අමනාපයක් මත වෙන්වී තෙවන සැමියා වන ප්‍රධාන සැකකරු සමඟ නීත්‍යානුකූලව විවාහ වී ගාල්ල තල්පේ ප්‍රදේශයේ පදිංචියට ගොස්සි තිබේ.
අනතුරුව එම පුද්ගලයා සමගද අමනාප වූ කාන්තාව දරු දෙදෙනා සමඟ බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසට පැමිණ සිටියදී ප්‍රධාන සැකකරු ඔහුගේ මිතුරකු සමඟ මෝටර් රථයෙන් එම නිවසට කඩා වැදී තර්ජනය කර එම කාන්තාව සහ දරු දෙදෙනා පැහැරගෙන මෝටර් රථයේ නංවාගෙන අධිවේගී මාර්ග ඔස්සේ මාතර දෙසට යාම සඳහා පැමිණ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ " මාව බේරා ගන්න යෑයි යැයි මහ හයියෙන් කාන්තාවක් කෑගසන හඬ ඇසුණු පොලිස් සැරයන්වරයා වහා ක්‍රියාත්මක වී මෝටර් රථය නවතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යුහුසුළු වී ඇතැයි පොලිසිය කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd