(නාමිණි විජේදාස සන්ඩෙ ටයිම්ස්)
මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්දි ලෙස රුපියල් කෝටි 230ක්) එම කොන්ත්‍රාත්කරුවන් විසින් ඉල්ලනු ලැබි ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් කොන්ත්‍රාත් 22 ක් සඳහා වන්දි දෙන ලෙස ඉල්ලමින් අදාළ කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරියේදී නඩු ගොනු කිරීමට ඉඩ තිබෙන බවත් ව්‍යාපෘති 37 ක් පසුගිය වසරේ අවසන් කාර්තුවේදී කිසිඳු ප්‍රගතියක් ලබා නොමැති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වර්තාවක දැක්වේ.
එම ව්‍යාපෘති 37 අතර විදේශ රටවල් මූල්‍ය සහාය ලබාදීම නතර කළ ව්‍යාපෘති 17 ක් තිබෙන බව ද ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන්වේ. කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් තවත් ව්‍යාපෘති 41 ක ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදවීම් වාර්තා වන බවත් මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලින් සියයට 20 කට මෙම ගැටලුව බලපා තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම ගැටලුව නැවත නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ගේ ලියාපදිංචිය අලුත් කරන විට ඔවුන්ගේ කාර්ය සාධනය සළකා බැලීම වැදගත් බව ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ
Nimal Monday, 29 April 2024 04:32 PM
වැඩ ප්‍රමාද වීම ගැන මේ අය කොන්ත්‍රාත්කරුවන්ට බනිනවද? එක් රාජ්‍ය සංවිධානයක්, 2022 නොවැම්බර් මාසයේදී කොන්ත්‍රාත්කරුවන්ට දැනුම් දුන්නේ 2022 ඔක්තෝබර් දක්වා කරන ලද වැඩ සඳහා පමණක් ගෙවීම් කළ හැකි බවයි. පැහැදිලිවම, බොහෝ කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කරන ලද වැඩ සඳහා ගෙවීම අවිනිශ්චිත බැවින් කාර්යයේ ප්‍රගතිය මන්දගාමී විය. ඉන්පසුව 2023 මාර්තු මාසයේදී එම සංවිධානය විසින්ම මෙම කොන්ත්‍රාත්තුවලින් සමහරක් ප්‍රගතිය දුර්වල බව පවසමින් අවසන් කරන ලදී. ඇතැම් කොන්ත්‍රාත්කරුවන් නඩු මගට බැස ඇත. මෙය අයිස් කුට්ටියේ කෙළවර පමණි. මෙම සංවිධානයම නීතිය තම අතට ගන්නේ, පැහැදිලිවම, මූල්‍ය හිඟය හේතුවෙන් ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටින අතර කොන්ත්‍රාත්තුවේ කොන්දේසිවලටද පටහැනිව, කොන්ත්‍රාත්කරුවන්ගෙන් ගෙවිය යුතු සියලුම මුදල් එකවර කපා හරින බැවිනි. කොන්ත්‍රාත්කරුවන් නීතිමය පිළියම් සෙවීම පුදුමයක් නොවේ.