(අංජුල මහික වීරරත්න)
ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්රණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය නැරඹීමට අද (8)පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100කට අධික සංඛ්‍යාවක් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කොළඹ වරාය නගරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවකට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් විය.
ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය සහ මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය මෙන්ම කාර්යභාරය පිළිබඳ මෙහිදී සිසුවියන් වෙත පැහැදිළි කළ ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලා කාලෙත් ඔහොම කිවුවා කියලා දැන් මතක නැහැ
ඕවට සිංහල බස් වහරේ කියන්නේ කටින් බතල හිටවීම කියලා
රෝසි සේනානායක වගේ කට්ටිය නේද ගේන්නේ?
සත්‍ය වශයෙන්ම ශ්‍රී ලනක දේශපාලනයේ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමින් වදිකලයුතු වේ. පලත්මට්ටමින් කාන්තවන් දේශපාලනයට සම්බන්ද කරගැනීමට හැකි උවත් පිරිමි පාර්ශවය කෙසේ හෝ ඔවුන්ව බැහැර කිරීමට දැඩි වෙහෙසක් සහ ඔවුන් ප්‍රදේශය මට්ටමින් දේශපාලනයට පැමිණීම පැමිණීමේදී යම් පීඩනයක් ඔවුන්ට එල්ල කරයි. එමනිසා සුදුසු වනුයේ උගත් බුද්දිමත් විදෙස් අදයපනය, පරිපාලන අද්දැකීම් ලද හෝ රැකියාවක් කරනලද සහ ලංකාවේ පුරවැසියන් වෙත අවන්කවම සේවයක් කිරිමට හැකි ගැටළු සදහා විසදුම් සෙවීමට හැකි නිර්මාණශීලි කාන්තවන් ඉදිරියට ගැනීම සහ ඔවුන් පාර්ලිමේන්තු දේශපාලනයට සම්බන්ද කරගැනීම සිදු උවහොත් අනාගතයේදී පහසුවෙන්ම කාන්තවන් හට ප්‍රදේශය මට්ටමින් දේශපාලනයට එක්වීමට අවස්ථව සැලසෙනු ඇත. කැනඩාවේ කැබිනෙට් මණ්ඩලයේ 40% -50% කාන්තවන් නියෝජනය කරයි. කිසිදු ගැටළුවක් නොමැතිව ඔවුන් වැඩකටයුතු සාර්ථකව කරයි. එමනිසා ශ්‍රී ලංකාවට මේ පැමිණ තිබෙනාවූ අවසන් සහ හොදම අවස්ථව පමණක් නොව ඔබතුමා දේශපාලනයේ ඉහලම තනතුරේ සිටිනා නිසාත මේ කටයුතු සාර්ථකව කිරීමට හැකියාව ඇත. ආසියාවේ කැබිනෙට් මණ්ඩලයේ 40% -50 කාන්තවන් නියෝජනය කරනාවූ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරමු.
තරුණයින්ට අවස්ථාව දෙනවා කියලා කලින් කීවනේ. අවස්ථාව දුන්නාද?
ඒ මොකද ?දැන් ඉන්න උන් ආන් බාන් කරන්න අමාරුද ?