IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැනඩාවේදී ලාංකික කත ඝාතනය කළාට දිවි ඇති තෙක් හිරේ

(විමුක්ති එස් රුද්‍රිගු)


කැනඩාවේ ස්කාර්බරෝ ප්‍රදේශයේදී 2019 වසරේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මන්නයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් පසුගියදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇත්තේ 45 හැවිරිදි සසිකරන් තනපලසිංගම් නම් පුද්ගලයෙකුටය.සසිකරන්ගේ බිරිඳ තර්ශිකා ජෙගනාතන් ශ්‍රී ලාංකික කාන්තාවක් වූ අතර දෙදෙනා ඉන්දියාවේදී විවාහ වී ඇත.අනතුරුව තර්ශිකා 2017 වසරේදී සසිකරන් සමඟ ජීවත්වීමට කැනඩාවට පැමිණ තිබේ.

මීට වසර හතරකට පෙර සසිකරන්, සිය බිරිඳ වූ 27 හැවිරිදි තර්ශිකා ජෙගනාතන් ස්කාර්බරෝ ප්‍රදේශයේදී බසයෙන් බැස නිවස බලා ගමන් කරමින් සිටියදී මන්නයකින් පහර දී අමු අමුවේ ඝාතනය කරන අයුරු සී.සී.ටී.වී දර්ශනවල පටිගත වී තිබීම හේතුවෙන් එම ඝාතනය  අධිකරණයේදී සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට හැකි වී තිබිණ.

තර්ශිකා ඝාතනය වන අවස්ථාවේ සසිකරන්ගෙන් වෙන් වීමට දික්කසාද නඩුවක්ද ගොනු කර තිබී ඇත.සසිකරන්ද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු බව කැනඩා පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබිණ.


 

 



අදහස් (8)

කැනඩාවේදී ලාංකික කත ඝාතනය කළාට දිවි ඇති තෙක් හිරේ

pakeer Monday, 23 October 2023 12:21 PM

මුන් වගේ කාලකන්නි .යකෝ මේ අපායෙන් ගැලවිලා හොඳ රටකට ගිහිල්ලත් ඉන්න බැහැනේ .මනුස්සයෝ වගේ .යකෝ අපරාදේ කැනඩා වීසා එක

:       4       31

Rama Monday, 23 October 2023 02:54 PM

කැනඩාව කියන්නේ කොටින්ගේ ගුහාවක්. කැනඩා රජය ඡන්ද බලාගෙන ඕනෑම ද්‍රවිඩ ජාතිකයෙක් සරණාගතයෙකු ලෙස ආවාම බාරගන්නවා. ශ්‍රී ලාංකික සම්භවය කියන්නේ ඒකයි. ඉතින් ඔය මිනිහා ලංකාවෙත් මිනී මරලා ගිය එකෙක් වෙන්න පුළුවන්.

:       2       17

Lami Monday, 23 October 2023 02:59 PM

ඔයා හොඳයි කියන රටත් අතීතයේදී එහි ආදී වාසී දරුවන් මරා දමා රට අල්ලාගත් සුද්දන්ගෙන් (ඉංග්‍රීසි සහ ප්‍රංශ) පැවත එන්නේ. මෑතකදී කුඩා දරුවන් දමාපු සමූහ මිනී වලවල් හොයාගත්තා. අදත් එහි ආදී වාසීන් ඔවුන්ට තිබෙන අසාධාරණ ගැන සෑහෙන ප්‍රශ්න නගනවා. ගිය පලියට පිළිගැනීම් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. කොටි සංවිධානය මගින් නම් ඔවුන්ගේ අයව බලා ගන්නවා.

:       4       11

රංබොඩ Monday, 23 October 2023 02:05 PM

තමන් උපන් දේශය අපායක් ලෙස දකින්නේ නිරය ගාමී හිත් ඇති මිනිසුන් ය.මව් බිමට ගරහන් මිනිසුන් ට හිමි වන්නේ සරණාගත භාවය වග පවක් පිනක් නොහඳුනන් අසත්පුරුෂයින් කෙසේ නම් දැන ගන්නද ?

:       3       9

de silva Monday, 23 October 2023 02:42 PM

ලන්කාවෙ වගේද මිනිමරල මාස තුන්ක් රිමාන්ඩ් එකෙ ඉඳල එලියට ඇවිත් , නඩුව අවුරුදු 20-30 ඇදෙනකොට තව මිනිමරල , සාක්කි කාරයො බිය කරල සාක්කි අවුල් කරල අවසානයෙ නඩුවෙන් ගැලවිලා යහතින් ඉන්න එහෙ බැහැ.

:       1       10

chinthanaMonday, 23 October 2023 05:09 PM

ඔව්, මොනවා වුණත් ඒ රටේ නීතිය බොහෝම බලවත්, අපේ රටේ නීතිය අන්තිම දුර්වලයි, ඊටත් වඩා නීතිය ඉල්ලලා සටන්කරන ශක්තිමත් මිනිස්සුන්ට ගරහන නපුන්සකයින් ලංකාවේ වැඩියි.

:       0       0

Rata Perata Monday, 23 October 2023 09:17 PM

අයියෝ... මොන මෝඩයෙක්ද?

:       0       0

ෆීල්ඩ් මාර්ෂල් සරත් Monday, 23 October 2023 11:20 PM

ලංකාවෙ සිටි සියලුම මිනීමරු ත්‍රස්තයින් බටහිර යුරෝපේත්, කැනඩාවත් ගෙන්වාගෙන ඔවුන්ට සරණාගත රැකවරන ලබා දීලා. අපේ රටේ බෙදුම් වාදයට එම රටවල් උදව් කළා.. තවමත් කරනවා. ඉතින් ඒ මිනීමරුවන් ලෝකේ කොහේ ගියත් ඔවුන්ට මිනී මරන එක සමාන්‍ය දෙයක්... හරියට නොදැනුවත්ව මදුරුවන් මරනවා වගේ... සිත් පිත් නැති අමනුෂ්‍ය කොටසක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site