IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැනඩා යන්න සහතික දෙන්න මුදල් ගැරූ අධ්‍යක්ෂ රිමාන්ඩ්

(රොෂාන් තුෂාර)

කැනඩාවේ රැකියා අපේක්ෂකයන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් ලබා දෙන බවට පවසා පඨමාලා හදාරන්නන්ගෙන් රුපියල් කෝටි පහකට අධික මුදලක් ලබාගෙන වංචා කළේ යැයි ඇප මත මුදාහැර සිටි බම්බලපිටිය පුද්ගලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා  නියෝග කළේය.

වංචාවට ලක් වූ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් කළ පැමිණිලි විභාගයට ගත් අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

බම්බලපිටියේ "Evole college education"පුද්ගලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ  මොහොමඩ් අස්මාල් ඉස්මත් හසන් නැමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

කැනඩාවේ රැකියා අපේක්ෂාවෙන් පඨමාලාව හැදෑරූ හැට දෙනකුට අධික පිරිසක් බම්බලපිටිය පොලිසිය කළ පැමිණිලි ප්‍රකාරව පොලිසිය මගින් මෙම නඩු පවරා තිබිණි.

අදාළ පැමිණිලි ප්‍රකාරව සැකකරු මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කර තිබිණි .

නඩුව කැඳවූ අවස්ථාවේදී නව පැමිණිලි තිහකට ආසන්න ප්‍රමාණයක් බම්බලපිටිය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

කැනඩා යන්න සහතික දෙන්න මුදල් ගැරූ අධ්‍යක්ෂ රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site