
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙස මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති දිනයේ පළමු තරගයේදී බී - ලව් කැන්ඩි පිල ලකුණු 89 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කරමින් දැවැන්ත ජයක් ලැබීය.
මෙය කැන්ඩි පිල තරඟ පහකදී ලැබූ තුන්වැනි ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත් සමග කැන්ඩි පිල ප්‍රසාද ලකුණු 6 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය. ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කය හඹාගිය ගෝල් ටයිටන්ස් පිල ඕවර 16.4 ලකුණු 114 කට සීමා විය.
වනිදු හසරංග නැවතත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17 කට කඩුලු 4ක් දවා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි පිල වෙනුවෙන් නායක වනිදු හසරංග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 27 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 64 ක් රැස්කරමින් කැන්ඩි පිල ලකුණු 203 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
බී - ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 5 ට 203 (මොහොමඩ් හාරිස් 17, ෆකාර් ශමාන් 45, දිනේෂ් චන්දිමාල් 25, ඇන්ජලෝ මැතිව්ස් 40, වනිඳු හසරංග 64, ළහිරු සමරකෝන් 31/2) ගෝල් ටයිටන්ස් පිල ඕවර 16.4 කදී සියලු දෙනා දැවී 114 (ලසිත් කෘස්පුල්ලේ 17, අශාන් ප්‍රියන්ජන් 25, ලහිරු සමරකෝන් 36, මුජූබූර් රහමන් 26/2, නුවන් ප්‍රදීප් 21/3, වනිදු හසරංග 17/4)
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැන්ඩි පිල දැවැන්ත ජයක් සමගින් පෙරමුණට එයි