
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 ශූරතාව දිනාගැනීමට වනිඳු හසරංග නායකත්වය දැරූ බී - ලව් කැන්ඩි පිල අද (20) සමත් විය.
කැන්ඩි පිල එල්.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී බී - ලව් කැන්ඩි පිල කඩුලු 5 කින් දඹුල්ල අවුරා පිල පරාජය කිරීමට සමත් විය.
කැන්ඩි පිල ලකුණු 148 ක ඉලක්කය ඕවර 19.5 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
කමිඳු මෙන්ඩිස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 37 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැස් කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා පිල වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 29 කින් හයේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත් විය.
වනිඳු හසරංග ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ඇන්ජලෝ මැතිව්ස් නායකයා ලෙස කටයුතු කළේය.
දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුලු 4 ට 147 (කුසල් මෙන්ඩිස් 22, සදීර සමරවික්‍රම 36, කුසල් පෙරේරා නොදැවී 31, ධනංජය ද සිල්වා 40, චතුරංග ද සිල්වා 25/2) බී - ලව් කැන්ඩි පිල ඕවර 19.5 කදී කඩුලු 5 ට 151 (මොහොමඩ් හාරිස් 26 කමිඳු මෙන්ඩිස් 44 දිනේෂ් චන්දිමාල් 24, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 25, අසීෆ් අලී 19, බිනුර ප්‍රනාන්දු 31/2, නුර් අහමඩ් 27/3)


2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැන්ඩි ක්‍රීඩකයෝ එල්.පී.එල්. ශූරතාව දිනති