
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ වරායේ යු ටි සි අංගනය වෙත පැමිණි කන්ටේනරයක එන්ජින් කොටසේ එහි සහායකයා හිටිහැටියේ මියගොස් ඇතැයි වෙරළ බඩ පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ ප්‍රදේශයේ පදිංචි බි පි අරුණ පුෂ්පකුමාර (57) නැමැති අයයි.
මියගිය පුද්ගලයා සිය සහෝදරයා සමග ඉකුත් සෙනසුරාදා (31 ) භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා පැමිණ අනෙකුත් කන්ටේනර සමග එක පෙළට නවතා තිබී ඇති අතර සහෝදරයා පෙරේදා (1) නිවස කරා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම ස්ථානයේ නවතා තිබූ කන්ටේනර් රථ පහක් එම ස්ථානයෙන් භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පිටව ගියද මෙම කන්ටේනර් රථය එම ස්ථානයේම නවතා තැබීම සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියකු සොයා බැලීමේදී මෙම පුද්ගලයා රියදුරු අසුනට පිටුපස අසුනේ වැතිරී සිටින අයුරු දැක ඔහුට කතා කර ඇති අතර ප්‍රතිචාරයක් නොලද එයින් ඒ පිළිබඳ පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව එහි ගිය පොලිස් නිලධාරීන් සිදු කළ පරික්ෂාවේදී එම පුද්ගලයා මියගොස් ඇති බවට තහවුරු කරගෙන තිබූ බව පොලිසිය කියයි.
මරණයට හේතුව දැන ගැනීම සඳහා මළ සිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්න්ටේනරය ඇතුලේ මළ සිරුරක්