(යොහාන් භාසුර)
දුම්රිය සඳහා ඇති ඉල්ලුම පිළිබඳව අවධානය යොමුකරමින් කන්කසන්තුරේ සිට කිලිනොච්චිය මුරුක්කන්ඩි දක්වා නව දුම්රියක් ඊයේ (11) ධාවනය ආරම්භ කළේය.
මෙම මන්දගාමී දුම්රිය කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.00 ට ගමන් ආරම්භ කර පෙරවරු 7.50 ට කිලිනොච්චිය දුම්රිය ස්ථානයටත් පෙරවරු 8.11 ට මුරුක්කන්ඩි දුම්රිය ස්ථානයට ළගා වීමට නියමිතය.
නැවත පෙරවරු 8.30 ට මුරුක්කන්ඩි දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරේ බලා පිටත් වන එම දුම්රිය පෙරවරු 10.41 වන විට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ලඟාවේ.
එම දුම්රිය නැවත පස්වරු 2.00 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර පස්වරු 4.10 ට මුරුක්කන්ඩි දුම්රිය ස්ථානය වෙත පැමිණ නැවත පස්වරු 4.40 ට මුරුක්කන්ඩි දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරේ බලා පිටත් වන එම දුම්රිය පස්වරු 7.00 වන විට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ලඟාවීමට නියමිතය
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ඉල්ලීමකට අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දුම්රිය යෙදවීය.
ජනතාව මේ වන විට මුහුණු දෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔවුන්ගේ දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමටත්, බස් ගාස්තු ඉතා ඉහළ අගයක පැවතීම හේතුවෙන් උතුරු පළාතේ මඟී ජනතාවගේ පහසුව උදෙසා මෙම නව දුම්රිය ධාවනයට එක් කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඡායාරූපය:
කන්කසන්තුරේ සිට කිලිනොච්චිය මුරුක්කන්ඩි දක්වා ධාවනය කරන නව දුම්රිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කන්කසන්තුරේ සිට මුරුක්කන්ඩි දක්වා නව දුම්රියක්