
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 615 ක් ප්රදානය කිරීමට ඉන්දියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.
එම ප්රදානය උපයෝගී කරගනිමින් කඩිනමින් කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මහකොමසාරිස්වරයා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර වරාය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී මහ කොමසාරිස්වරයා එය දැනුම් දී තිබේ.
මෙම සංවර්ධන වැඩ පිළිවෙල යටතේ වරාය තුළට විශාල නැව් සහ යාත්‍රා ඇතුලු කිරීමට මීටර 30ක් පමණ වරාය පතුළ ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගිතාවය පුළුල් කර ගැනීම මෙන්ම වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය දීම මෙහි අරමුණ බවත් මහකොමසාරිස්වරයා පැවසූ බවත් එම අමාත්‍යංශය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මුහුණේ තියන සිනාව. කොමිස්... කොමිස්...
උතුරේ සෑම වැඩකටම ඉන්දියාව අත ගහල ඉවරයි. දැන් උතුර යනු ඉන්දියාවේම කොටසක්. මේ පාවාදීම ආපස්සට හරවන්න බැරි වෙයි.
අපේ එක්කෙනා දැනුම් දුන්නේ මොනවාද ?
නිකමට හිතමු. අපේ අල්ලපු ගෙදර කෙනාට ඕනේ එයාගේ ආරක්ෂාවට අඩි 2ක බැම්මක් බඳින්න. එයා වැඩේ කළොත් එයාගේ සීමාවෙන් අඩි දෙකක් යනවා. හැබැයි අපි ඒක බැන්දොත් අපේ සීමාවෙන් ඒ ප්‍රමාණේ යනවා. අල්ලපු ගෙදර කෙනාගේ වුවමනාවත් ඉටුවෙනවා. ඉතින් මොකක් හරි ආලවට්ටමක් දාලා, අල්ලපු ගෙදර කෙනා අපිට සල්ලිත් දීලා, ඉතුරු තියාගන්න කියලා අපි ලව්වා වැඩේ කරවනවා. අපි උඩ පැනලා වැඩේ කරලා, ඉතුරුවා සාක්කුවේ දාගන්නවා. රටේ බොහෝමයක් වැඩ වෙන්නේත් එහෙමයි. අපිට ආධාර, උපකාර කරන්න එන අය අවුරුදු 100ක් ඉස්සරහ ගැන හිතලා අපිට උදව් කරන්නේ. හැබැයි අපේ පාලකයෝ දකින්නේ වැඩිම වුනොත් අවුරුදු 5ක් හෝ ඊටත් අඩුවෙන්. ඉතිං අපිට හෙටක් තියෙයිද..?
ඔන්න ඕකත් විකුණලා දාමු. හා හා සර්ගේ කල්ල මරේ. බුදු අම්මෝ චෙක් එකද කොහේද දැකලා සිරිගේ මුහුණේ හිනාව... හරි හරි හොඳ ගාණක් යටිමඩි ගහගන්න පුළුවන්. දෙන දෙවියෝ ගෙදරටම ගෙනැල්ලා දෙනකොට එපා කියන්න යැ...